චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට IPL තරඟාවලියේදී දිගටම බාධා එල්ල වෙනවා. මිට අවුරුදු 2 කට කලින් තරඟ පාවා දීපු නිසා වසර 2 කට IPL තහනම් කරා. වසර 2 ක තරඟ තහනමකට පස්සේ මේ අවුරුද්දේ තමයි නැවත්ත IPL තරඟාවලියට එකතු වුනේ. හැබැයි සුපර් කිංග්ස් කණ්ඩායමේ නිජබිම වුන චෙන්නායි ප්‍රාන්තයේ ක්‍රීඩා කරන්න නොහැකි වෙලා තියෙනවා.
ඒකට හේතුව වෙලා තියෙන්නේ චෙන්නායි ප්‍රාන්තයේ දේශපාලඥයින් පිට්ටනියට නාගයින් ගෙනත් දානවා කියලා තර්ජනය කිරීම. කාවේරි ගඟේ ජලය සම්බන්ධයෙන් කාලයක පටන් ඇති වෙලා තියෙන ප්‍රශ්නයට විසඳුමක් නොදී IPL තරඟ පවත්වන්න එපා කියලයි ඔවුන් ඉල්ලා සිටියේ.
හැබැයි IPL බලධාරීන් ඒ තර්ජන ගණන් නොගෙන චෙන්නායි පිල සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර තරඟයක් පැවැත්වුවා. කොහොම වුනත් ඒ තරඟය පැවැත් වෙද්දී ක්‍රීඩාංගණය ඇතුලත සහ පිටත කෝලාහල ඇති වුණා. පොලිසිය සමඟ ගැටුන විරෝධතාකරුවන් ක්‍රීඩාංගණයේ විවිධ දේවල් ගිනි තිබ්බා. ඒ වගේම සපත්තු වලින් පිටිය මැද හිටිය ක්‍රීඩකයින්ට පහර දුන්නා.
මේ නිසා ඉදිරි තරඟ වලදී ආරක්ෂාව ලබා දෙන්න බෑ කියලා චෙන්නායි පොලීසිය IPL බලධාරීන්ට දැනුම් දුන්නා. ඒ නිසා චෙන්නායි නගරයේ පවත්වන්න නියමිත තරඟ පූනේ නගරයට ගෙනියන්න තීරණය කරලා තියෙනවා. “මම ක්‍රීඩාංගනයට නයි ගෙනත් දානවා. හැබැයි විෂ රහිත එවුන්. අපිට ඕන කාටවත් දෂ්ඨ කරවන්න නෙවෙයි. ක්‍රීඩකයින් බය කරලා එලවන්න විතරයි.” කියලා දේශපාලන පක්ෂ සාමාජික ටී. වෙල්මුරුගන් කියා සිටියා.