News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
17

පොතාස්ගේ තැන හතුරුසිංහට ලැබෙයි.

682 Views


පොතාස්ගේ තැන හතුරුසිංහට ලැබෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු නික් පොතාස් ධූරයට සමුදීලා තියෙනවා. ඔහු වසරකුත් මාස 09 ක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට සේවය කලා.

දකුණු අප්‍රිකානු ජාතික නික් පොතාස් කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලිකව පුහුණුකරු ලෙසත් කටයුතු කරා. හතුරුසිංහ කණ්ඩායමට එකතු වීමත් එක්ක ඔහුව නැවතත් පන්දු යැවීමේ පුහුණුකරු විදියට කටයුතු කරා. නික් පොතාස්ගේ ඉල්ලා අස්වීම ගැන ක්‍රිකට් ආයතනයේ ලේකම් රොෂාන් බියන්වල කිව්වේ ඔහුගේ ධූර කාලය ඉවර වෙලා ඇති නිසා පොතාස් කැමැත්තෙන්ම කාලය දීර්ඝ නොකරන ලෙස ඉල්ලා සිටියා කියලා.

නික් පොතාස්ගේ ඉවත් වීමත් එක්ක හිස්වුන පන්දු රැකීමේ පුහුණුකරු ධූරයත් චන්දික හතුරුසිංහ යටතට පවරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post