News Line| Off Air
Generic placeholder image

Apr
18

අද හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් සැළකිලිමත්ව වැඩ කරන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

778 Views


අද හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් සැළකිලිමත්ව වැඩ කරන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 අප්‍රේල් මස 18 වන බදාදා
 
රාහු කාලය: දිවා කාලය දහවල් 12.10 සිට දහවල් 01.42 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.10 සිට අලුයම 01.37 දක්වා 
සුභ දිශාව: උතුර 
මරු සිටින දිශාව: නිරිත 

 

මේෂ ලග්නය

පෞරුෂය වර්ධනය වන දිනයකි. කායික පීඩා ඇතිවිය හැකි දිනයකි. නමුත් කල්පනාකාරීව වැඩ කටයුතු ආරම්භ කරන්න. යකලා කටයුතු වලට නම් වඩාත් යෝග්‍ය දිනයකි. නිසි සැලසුම් සහිතව ඔබේ වැඩ කටයුතු සම්පාදනය කරගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය                                                    ජය අංකය: 03

වෘෂභ ලග්නය

මානසික සුවතාවයක් අපේක්ෂා කළහැකි දිනයකි. තීන්දු තීරණ ගැනීමේදී වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වලදී නම් වඩාත් කල්පනාකාරී විය යුතු දිනයකි. නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කිරීම හා කල්පනාකාරී වීම ඔබට යහපත් ප්‍රතිඵල ගෙන දෙවි.
ජය වර්ණය: විසිතුරු පැහැය                                                ජය අංකය: 07

මිථුන ලග්නය

කලා කටයුතු හා මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලට නම් වඩාත් යෝග්‍ය දිනයකි. නමුත් හවුල් ව්‍යාපාර ආශ්‍රිතව බාධා ඇතිවිය හැකි දිනයකි. එබැවින් කල්පනාකාරී වන්න. මානසික පීඩාද ඇතිවිය හැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය                                                    ජය අංකය: 07

 

කටක ලග්නය

වෘත්තිමය කටයුතු වලදී වඩාත් තද තීන්දු තීරණ වලට පෙළඹෙන දිනයකි. එබැවින් වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි. වැඩ කටයුතු සියල්ල වඩාත් ප්‍රවේසමෙන් සම්පාදනය කරගත යුතු දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය:  ක්‍රීම් පැහැය                                                            ජය අංකය: 05

සිංහ ලග්නය

වාසනා ශක්තිය වැඩි දිනයකි. කලා හා ලේඛන කටයුතු වලටද වඩාත් සුභ දිනයකි. ඔබේ සෞඛ්‍ය පිළිබඳව වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි. ආරම්භ කල කටයුතු වලට සියුම් කරදර පීඩා ඇතිවිය හැකි දිනයකි. කල්පනාකාරීව හා වඩාත් ඉවසිලිවන්තව වැඩ කටයුතු කළයුතු දිනයකි.
ජය වර්ණය: ලා දම් පැහැය                                         ජය අංකය: 05

කන්‍යා ලග්නය

පෙර වඩාත් සුභ ඵල ගෙනදෙන දිනයකි. නෑ හිත මිතුරන් වෙනුවෙන් වැඩියෙන් කල් ගතකිරීමට සිදුවන දිනයකි. වැඩිහිටි උපකාර ලැබෙන දිනයකි. හවුල් ව්‍යාපාර වලට සුභ දිනයකි. කායික ශක්තිය දුර්වල වීමට ඉඩ ඇති දිනයකි. නමුත් කල්පනාකාරීව ,මෙන්ම ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම වැදගත්.
ජය වර්ණය: රෝස පැහැය                                       ජය අංකය: 03

 

තුලා ලග්නය

හවුල් ව්‍යාපාර කටයුතු වලට අද දින ඔබ වැඩි අවදානයක් යොමු කරයි. කැපවීමෙන් තම කටයුතු ඉටු කරන්න. අන් අයගේ ආශිර්වාදයද අද ලැබෙන දිනයකි. ආහාර ගැනීමේදීද කල්පනාකාරී විය යුතු දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: රන්වන් පැහැය                                      ජය අංකය: 05

වෘශ්චික ලග්නය

 

සතුරු කරදර පිළිබඳව ඔබ වැඩි අවධානයක් යොමු කළයුතු දිනයකි. ඒවා දුරු කරගැනීමේ හැකියාව පවතින දිනයකි. නිසි සැලසුම් සහිතව ඔබේ වැඩ කටයුතු සම්පාදනය කරගන්න. වියදම් කිරීමේදී නම් ඔබ වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: රතු පැහැය                                             ජය අංකය: 07

 

 

ධනු ලග්නය

ඔබ කරනා වැඩ කටයුතු සාර්ථකත්වයට පත්කරගැනීමට හැකියාව ඇති දිනයකි. එමෙන්ම ඔබේ වැඩ රාජකාරි වඩාත් බහුල වන දිනයකි. නිවැරදි තීන්දු තීරණ ගැනීමට යොමුවිය යුතු දිනයකි. ඔබේ විශ්වාසවන්තභාවය බොහෝ ජයග්‍රහණ පහසුවෙන් දිනාගත හැකි දිනයකි. නිසි සැලසුම් ක්‍රියාත්මක කළයුතු දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය                                                  ජය අංකය: 04

 

මකර ලග්නය

නිවස ආශ්‍රිතව වැඩ රාජකාරි බහුල වන දිනයකි. අලුතින් දෙයක් මිලදී ගැනීමට නම් වඩාත් යෝග්‍ය දිනයකි. එමෙන්ම අන් අය අතර ඔබට වැඩි ගෞරවයක් ලැබෙන දිනයකි. ඔබේ පෞරුෂය නිසාම අන් අය අතර බෙහෙවින් කැපී පෙනෙන දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: රන්වන් පැහැය                                 ජය අංකය: 04

 

 

කුම්භ ලග්නය

අන් අය ඔබත් සමග බොහෝ සතුටින් කල් ගෙවන දිනයකි. ඔබේ පෞරුෂය වඩාත් වර්ධනය වන දිනයකි. ඔබ කරන කියන දේවල් වලට අන් අයගේ වැඩි ආකර්ෂණය ලැබෙන සුභ දිනයකි. නමුත් වියදම වැඩි විය හැකි ලාභය අඩුවන දිනයකි. කෙසේවුවත් නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු කරගෙන යෑමට වග බලාගන්න.
ජය වර්ණය: ලා දම් පැහැය                                                ජය අංකය: 04

 

මීන ලග්නය

වාග් ශක්තිය උසස් මට්ටමක පවතින දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු සම්බන්ධව, අධ්‍යාපන කටයුතු සම්බන්ධව වැඩි උනන්දුවක් දක්වන දිනයකි. එබැවින් කල්පනාකාරීව වැඩ කටයුතු කළයුතු දිනයකි. තම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සුභ දිනයකි. නිසි සැලසුම් ක්‍රියාත්මක කරන්න. ආගමානුකුලව දිනය ආරම්භ කිරීම වඩාත් යෝග්‍යයි.
ජය වර්ණය: ලා කොළ පැහැය                                           ජය අංකය: 01
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී කැලුම් ගුණතිලක 
දුරකථන: 076 67 65 353


News Articles
Latest Videos
Most Popular Post