News Line| Off Air
Generic placeholder image

Apr
18

Flashback කණ්ඩායම උඩට වේදිකාවේ වහල කඩන් වැටෙයි. – Video

1420 Views


Flashback කණ්ඩායම උඩට වේදිකාවේ වහල කඩන් වැටෙයි. – Video

Flashback කියන්නේ අපේ රටේ තියෙන ජනප්‍රියතම සංගීත කණ්ඩායමක්. Flashback ප්‍රසංගයක් බලන්න අතුරු සිදුරු නැතුව සෙනග පිරෙන්නේ ඒ නිසයි. ඊයේ Flashback සංගීත කණ්ඩායමට ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න වුණා.

වේයන්ගොඩදී පවත්වන්න සූදානමින් සිටිය ප්‍රසංගයකදී වේදිකාවේ වහල හදිසියේම කඩන් වැටුණා. හැබැයි මේ අනතුරින් කාටවත් හානියක් සිද්ධ වුනේ නෑ. වේදිකාවේ වහල කඩන් වැටෙනවාත් එක්කම වේදිකාව මත සිටිය අයට එතනින් ඉවත් වෙන්න පුළුවන් වුණා.

Flashback නායක රොෂාන් ප්‍රනාන්දු සියත 24 වෙත සඳහන් කරේ අනතුරින් කණ්ඩායමට, කාර්ය මණ්ඩලයට හෝ සංගීත උපකරණ වලට කිසිම හානියක් වුනේ නෑ කියලා. මේ අනතුර සිදුවෙන ආකාරය එතන සිටි පුද්ගලයෙකුගේ දුරකතනයේ සටහන් වෙලා තිබ්බේ මෙහෙමයි.

https://www.facebook.com/flashbackstyle.community/videos/1223991124404819/


News Articles
Latest Videos
Most Popular Post