ප්ලාස්ටික් කියන්නේ මිනිසා විසින් නිර්මාණය කරපු තවත් භයානක ආයුධයක්. සාමාන්‍යයෙන් ප්ලාස්ටික් දිරාපත් වෙන්න වසර සිය ගණනක් යනවා. මේ නිසා ලෝකයට ලොකු ප්ලාස්ටික් අර්බුදයක් ඇතිවෙලා තියෙනවා. ඒ නිසා මිනිස්සු දැන් ප්ලාස්ටික් වලින් බේරෙන්න විවිධ උපක්‍රම හොයනවා.
මේ විදියට ප්ලාස්ටික් වියෝජනය කරන්න පරීක්ෂණ කරපු විද්‍යාඥයින් පිරිසක් ප්ලාස්ටික් වියෝජනය කරන එන්සයිමයක් නිපදවලා තියෙනවා. ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් තමයි මේ සොයා ගැනීම කරලා තියෙන්නේ. මිට කලින් ජපාන විද්‍යාඥයින් පිරිසක් ප්ලාස්ටික් ආහාරයට ගන්න බැක්ටීරියාවක් සොයා ගත්තා.
ඒ බැක්ටීරියාව ගැන පරීක්ෂණ කරද්දී තමයි ඔවුන්ට මේ අලුත් එන්සයිමය හමුවෙලා තියෙන්නේ. මේ ප්ලාස්ටික් වියෝජනය කරන එන්සයිමය නිපදවන්න සූර්යාට වඩා බිලියන වාරයක් දීප්තිමත් සුපිරි X කිරණ ධාරාවක් යොදාගෙන තියෙනවා. විද්‍යාඥයින් කියන විදියට මේ එන්සයිමයට ප්ලාස්ටික් බෝතල් නිපදවන පෙට් වර්ගයේ ප්ලාස්ටික් වියෝජනය කරන්න පුළුවන්.
ලෝකය පුරාම මුහුදේ තියෙන ටොන් මිලියන 8 කට වැඩි ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත් කරන්න මේ සොයා ගැනීම ගොඩක් උපකාරී වේවි.