අවුරුද්දට ගොඩට ආපු ධීවරයින් මේ දවස්වල ආයෙත් තමන්ගේ සුපුරුදු රැකියාවට යනවා. ඒ විදියට මුහුදු ගිය වඩමාරච්චි ප්‍රදේශයේ ධීවරයින් පිරිසකට නිධානයක් හමුවෙලා තියෙනවා.
විශාල පරා මාළු අහින්නක් ඔවුන්ගේ දැලට අහුවෙලා තියෙනවා. කිලෝග්‍රෑම් 10, 000 ක් පමණ මාළු තොගයක් හසු වුනා කියලයි ධීවරයින් කිව්වේ. හසුවුන එක පරා මාළුවෙක් කිලෝග්‍රෑම් එකහාමාරක පමණ බරක් වෙනවා.
මුළු මාළු තොගයේ වටිනාකම රුපියල් කෝටියකට වැඩි බවයි ධීවරයින් පැවසුවේ.