News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
19

“පිළිමය මුහුදේ ගිල්ලුවේ මම. කලාව නොදන්නා අය මේක ගොඩ අරගෙන. මේක සිමෙන්තියෙන් කරපු නිර්මාණයක්.” – ගාලු මුහුදෙන් හමුවූ පිළිමයේ අයිතිකරු පිළිමයේ රහස් හෙළිකරයි.

1429 Views


“පිළිමය මුහුදේ ගිල්ලුවේ මම. කලාව නොදන්නා අය මේක ගොඩ අරගෙන. මේක සිමෙන්තියෙන් කරපු නිර්මාණයක්.” – ගාලු මුහුදෙන් හමුවූ පිළිමයේ අයිතිකරු පිළිමයේ රහස් හෙළිකරයි.

පහුගිය දවසක ගාලු මුහුදේ තිබිලා උඩුකය පිළිමයක් සොයා ගත්තා. මේ පිළිමය ගොඩ ගත්ත අය කොටුවේ පන්සලට මේ පිළිමය බාර දීලා තිබ්බා. පුරාවිද්‍යා නිඅධාරින් මේ ගැන පරීක්ෂණ කරලා කිව්වේ පිළිමයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් නෑ කියලයි.

ඒ අතරේ මේ පිළිමය මූර්ති ශිල්පියෙක් මුහුදේ ගිල්වපු එකක් කියලා Facebook එකේ හුවමාරු වුණා. මේ පිළිමය මුහුදේ ගිල්ලුව කියන මූර්ති ශිල්පියා පිළිමයේ ඇත්ත නැත්ත හෙළි කරා. ගාලු කොටුවේ ලේන්බාන් විදියේ චිත්‍ර හා මූර්ති කලාගාරයක් පවත්වාගෙන යන ජනක ද සිල්වා තමයි මේ පිළිමය මුහුදට දාලා තියෙන්නේ.

“මේ පිළිමය මුහුදේ ගිල්වා තිබ්බම එහි කොරල් බැඳෙනවා. විවිධ බෙල්ලන් වර්ග ඇවිත් එහි ඉන්නවා. මේ විදියට දිය යට තියෙන කලාගාර නරඹන්න විදෙස් සංචාරකයින් ගොඩක් කැමති.” කියලයි ජනක කිව්වේ. ලංකාවේ මේ කලාව එතරම් ජනප්‍රිය නැති නිසා ඒ ගැන අධ්‍යනයක් කරන්න පිළිමය දියේ ගිල්වා තිබ්බා කියලයි ඔහු වැඩිදුරටත් කිව්වේ.


News Articles
Latest Videos
Most Popular Post