News Line| Off Air
Generic placeholder image

Apr
19

“තරග විකිණීම, තරග පාවාදීම, ගැන සියලු චෝදනා රටට හෙළි කරනවා. ඒවාට සාක්ෂි දෙන්න ක්‍රීඩකයෝත් ඉන්නවා.” – ක්‍රිකට් හොරු අල්ලන සටන රන්ජන් අතට ගනී.

578 Views


“තරග විකිණීම, තරග පාවාදීම, ගැන සියලු චෝදනා රටට හෙළි කරනවා. ඒවාට සාක්ෂි දෙන්න ක්‍රීඩකයෝත් ඉන්නවා.” – ක්‍රිකට් හොරු අල්ලන සටන රන්ජන් අතට ගනී.

ක්‍රිකට් ආයතනයේ වංචා දූෂණ ගැන පහුගිය කාලය පුරාම විවිධ කතාබහ ඇතිවුණා. ඒ ගැන කතා කරන්න ගිහින් ලසිත් මාලිංගට කණ්ඩායමේ ස්ථානයත් අහිමිවුනා. අයෙත් සැරයක් ක්‍රිකට් ආයතනයේ වංචා දූෂණ ගැන කතාබහක් ඇතිවෙලා තියෙනවා.

ඒ රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාතයවරයා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ සිදුව ඇති දූෂණ පිළිබඳව සියලු ලිපි ලේඛන තමන් සතුව තියෙනවා කියලා ප්‍රකාශ කිරීමත් සමඟ. ඉදිරියේදී ඒ ගැන රටට හෙළිදරව් කරනවා කියලත් ඔහු කිව්වා.

තරග විකිණීම, තරග පාවාදීම, ක්‍රිකට්‌ තරග රූපවාහිනි වෙත විකිණීම යන කරුණු ගැන ඇති වූ චෝදනා වලට සාක්ෂි තියෙනවා කියලයි රන්ජන් මහතා කිව්වේ. කොන්ද පණ ඇති සුපිරි ක්‍රිකට්‌ ක්‍රීඩකයන්, නිලධාරීන් තමාට සහාය ලබා දීමට සූදානමින් ඉන්නවා කියලත් එතමා වැඩි දුරටත් කිව්වා.


News Articles
Latest Videos
Most Popular Post