News Line| Off Air
Generic placeholder image

Apr
21

අද ලග්න 02 ක් ගමන් බිමන් වලදී ප්‍රවේසම් වන්න. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

771 Views


අද ලග්න 02 ක් ගමන් බිමන් වලදී ප්‍රවේසම් වන්න. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 අප්‍රියෙල් මස 21 වන සෙනසුරාදා  
රාහු කාලය: දිවා කාලය සඳහා උදෑසන 09.04 සිට උදෑසන 10.37 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 09.14 සිට 10.41 දක්වා 
සුභ දිශාව: දකුණ  
අසුභ දිශාව: නැගෙනහිර

 

මේෂ ලග්නය

ආත්ම ශක්තිය නොඅඩුව තිබෙන දිනයකි. නිරහංකාරව කටයුතු කරන්න. ධනය හා ජයග්‍රහණයන් ලැබෙන ඉතාම සුභ දිනයකි. පවුලේ සමගිය ඇතිවන සතුරු කරදර දුරුවන දිනයකි. වැඩිහිටි උපෙස් මත කටයුතු කළයුතු දිනයකි. පෙරමුණ ගෙන කටයුතු කිරීමට අවස්තාව ලැබෙන දිනයකි. තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය: රෝස පැහැය                                             ජය අංකය: 03

වෘෂභ ලග්නය

නොසිතු ලෙස කරදර බාධක ඇතිවිය හැකි දිනයකි. ගමන් බිමන් වලදී ඔබ ප්‍රවේසම් විය යුතු දිනයකි. ඉවසීමෙන් යුතුව දිනය ගතකිරීම වඩාත් යහපත්. දුර ගමන් බිමන් නම් අද දින ඔබට සුදුසු නැත. ඔබගේ ආවේගශීලී ගති ලක්ෂණ පාලනය කරගත යුතු දිනයකි. දෙමව්පියන්ට හා තමන්ගේ සමීපතමයින්ට වඩාත් ගෞරවයෙන් සලකන්න. නිහතමානිව මෙන්ම
ජය වර්ණය: ක්‍රීම් පැහැය                                                            ජය අංකය: 01

මිථුන ලග්නය

විනෝදයට හා  කැපී පෙනීමට වැඩි උනන්දුවක් දක්වන දිනයකි. සියලු බාධක යටපත් කරගෙන ඔබේ ව්‍යාපාර හා වෙළඳාම් වැඩ කටයුතු සාර්ථක කරගෙනීමේ හැකියාව පවතින දිනයකි. රැකියා හා ව්‍යාපාර වලින්ද වැඩි ලාභ ලබාගත හැකි දිනයකි. ඉවසීමෙන් යුතුව, තැනට සුදුසු නුවන යොදාගනිමින්, අන් අයගේ මෙන්ම විශේෂයෙන්ම වැඩිහිටියන්ගේ උපදෙස් මත ක්‍රියා කිරීම වඩාත් වැදගත් වන දිනයක්.
ජය වර්ණය: කොළ පැහැය                                                            ජය අංකය: 02

 

කටක ලග්නය

ලද දෙයින් සතුටු වන්න. ඔබේ තරාතිරම අනුව දිනය සාර්ථක කරගැනීමේ හැකියාව පවතින දිනයකි. අරපිරිමැස්මෙන් කටයුතු කල යුතුයි. අයට ගරුත්වයෙන් සැළකිය යුතු දිනයකි. පිනට දහමට වැඩියෙන් යොමුවන යොමුවන දිනයකි. ආගමානුකුලව හා ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. ගමන් බිමන් වලදී ප්‍රවේසම් වන්න.
ජය වර්ණය: කහ පැහැය                                                            ජය අංකය: 04

සිංහ ලග්නය

ඔබේ වියදම් පිළිබඳව සැළකිලිමත් විය යුතු දිනයකි. ව්‍යාපාර කටයුතු  දිනයකි. අසරණ අයට පිහිට වීමට කටයුතු කරන්න. නමුත් ඔබ ප්‍රවේසමෙන් කටයුතු කළ යුතු  දිනයකි. තම දෙමාපියන්ට යුතුකම් ඉටු කරන්න. දුර බැහැර ගමන් බිමන් යෙදෙන දිනයකි. වැඩිහිටි උපදෙස් පිළිපදින්න. ආගමානුකුලව දිනය  කරන්න.
ජය වර්ණය: රෝස පැහැය                                                            ජය අංකය: 05

කන්‍යා ලග්නය

ඔබේ බොහෝ අරමුණු හා බලාපොරොත්තු සාක්ෂාත් කරගැනීමට හැකිවන දිනයකි. සෑම අතින්ම ඔබේ බලාපොරොත්තු ඉටු වන දිනයක් වන අතර තමන්ගේ අගය අන් අය අතර වැඩි වන ගෞරවය ලැබෙන දිනයකි. කලා කටයුතු වලටද සුභ දිනයකි. නමුත් සිත් තැවුල් ඇතිවීමට ඉඩ ඇති බැවින් වඩාත් කල්පනාකාරී විය යුතු දිනයකි.
ජය වර්ණය: ලා කොළ පැහැය                                                            ජය අංකය: 02

 

තුලා ලග්නය

කායික සුවතාවයක් ලැබෙන දිනයකි. ඔබේ බලය අන් අය අතර තහවුරු වන දිනයකි. තමාගේ තත්වයද උසස් වන දිනයකි. නමුත් තීන්දු තීරණ ගැනීමේදී වඩාත් ප්‍රවේසම් වන්න. සෞඛ්‍ය පිළිබඳවද සැළකිලිමත් විය යුතු දිනයකි. එබැවින් තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කරන්න. වැඩිහිටි උපදෙස් ඔබව සාර්ථක මගකට යොමු කරවන දිනයකි.
ජය වර්ණය: විසිතුරු පැහැය                                                            ජය අංකය: 08

වෘශ්චික ලග්නය

 

ආර්ථික ශක්තිය වර්ධනය වන දිනයකි. සතුරු බලවේග යටපත් කරගෙන දිනය ගතකිරීමේ වාසනාව ඇත. හදිසි අනතුරු වලින් මෙන්ම ජලය භාවිතයේදීද වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. අන් අය සමඟ කරන කටයුතු වලදී වඩාත් කල්පනාකාරී  වන්න. ඔබේ සෞඛ්‍ය පිළිබඳවද වෙනදට වඩා සැළකිලිමත් විය යුතු දිනයකි. දෙමාපිය උපදෙස් අනිවාර්යෙන්ම පිළිපදින්න.
ජය වර්ණය: රෝස පැහැය                                                            ජය අංකය: 08

 

 

ධනු ලග්නය

ඔබ ඉවසීමෙන් හා මනා සංයමයකින් යුතුව කටයුතු කළයුතු දිනයකි. ආවේගශීලී ගති ලක්ෂණ ඔබ පාලනය කරගත යුතු දිනයකි. සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කරන්න. නිහතමානිකම හා දුර දක්නා නුවණ මත කටයුතු කරන්න. සෑම අතින්ම ආරක්ෂාව හා නිරෝගී භාවය ලබාදෙන කාලයකි.
ජය වර්ණය: රන්වන් පැහැය                                                            ජය අංකය: 09

 

මකර ලග්නය

සුළුවෙන් හෝ ලාභ ප්‍රයෝජන ලැබෙන දිනයකි. නමුත් ඉවසීමෙන් හා ලද දෙයින් සතුටුව කටයුතු කරන්න. මුදල් භාවිතයේදී නම් වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි. ඔබගේ වටිනාකම අන් අයට වැඩියෙන් දැනෙන දිනයකි. දිනය වඩාත් අවබෝධයෙන් හා ආරක්ෂාකාරීව ගත කළ යුතුයි. නිසි සැලසුම් සහිතව කටයුතු කරන්න. අභියෝග වලට සාර්ථකව මුහුණ දිය හැකි දිනයකි.
ජය වර්ණය: නිල් පැහැය                                                            ජය අංකය: 03

 

 

කුම්භ ලග්නය

අන් අයට පීඩාවක් නොවන පරිදි ඔබ කටයුතු කළයුතු දිනයකි. ඔබේ බොහෝ අරමුණු හා බලාපොරොත්තුද සාක්ෂාත් කරගැනීමට හැකිවන දිනයකි. නමුත් තීරණ ගැනීමේදී අද දින වෙනදට වඩා සැළකිලිමත් විය යුතු දිනයකි. මත ගැටුම් වලට නොයමින් වඩාත් කල්පනාකාරී විය යුතු දිනයකි. දෙමව්පියන්ගේ ආශිර්වාදය තුල දිනය වඩාත් යහපත් කරගැනීමේ හැකියාව පවතින දිනයකි.
ජය වර්ණය: නිල් පැහැය                                                        ජය අංකය: 03

 

මීන ලග්නය

ආදායම් තත්වය යහපත් වන දිනයකි. නිහතමානිව කටයුතු කිරීමට වග බලාගන්න. නොසිතූ ලෙස ආර්ථික තත්වය වඩාත් යහපත් වන දිනයකි.  ඔබේ වටිනාකම් හා දැනුම තුළින් දිනය වඩාත් සාර්ථක කරගැනීමේ හැකියාව පවතියි. රැකියා හා ව්‍යාපාර කටයුතු වලට අභියෝග ඇතිවන දිනයකි. එබැවින් දුරදක්නා නුවණින් යුතුව දෙමාපිය උපදෙස් මත කල්පනාකාරීව දිනය ගත කිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: රන්වන් පැහැය                                                            ජය අංකය: 03
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී වයි. එම්. කේ. යාපා බණ්ඩාර 
දුරකථන: 0777 44 86 44


News Articles
Latest Videos
Most Popular Post