ක්‍රිකට් කියන්නේ දවසින් දවස වෙනස් වෙන ක්‍රීඩාවක්. ටෙස්ට් තරඟ වලින් පටන් ගත්ත ක්‍රිකට් පන්දුවාර 50, පන්දුවාර 20 සහ මේ වෙද්දී පන්දුවාර 10 යේ තරඟ දක්වා වැඩිවෙලා තියෙනවා. ඒ පන්දුවාර ගණනත් වැඩි හින්දාද මන්දා තවත් අලුත් තරඟ රටාවක් හදුන්වා දෙන්න යනවා.
ඒ පන්දු 100 තරඟ. එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් ආයතන තමයි මේ අලුත් තරඟ රටාව ලෝකයට හදුන්වා දෙන්න යන්නේ. පන්දු 100 තරඟයක එක පිලකට පන්දු 6 ඕවර 15 ක් ලැබෙනවා. ඉතිරි පන්දු 10 අවසාන ඕවරයේදී යැවිය යුතුයි. T20 තරඟ වලටත් වඩා උණුසුම් තරඟ රටාවක් ඇතිකිරීම තමයි අරමුණ වෙලා තියෙන්නේ.
එංගලන්තයේ නගර 8 ක් කේන්ද්‍ර කර ගනිමින් 2020 දී පළමු පන්දු 100 තරඟාවලිය පවත්වන්න නියමිතයි. ඊට සමගාමිව පන්දු 100 කාන්තා ක්‍රිකට් තරඟාවලියක්ද පවත්වන්න නියමිතයි. 2020 ඉඳලා 2024 දක්වා පන්දු 100 තරඟාවලිය විකාශය කිරීමේ අයිතිය BBC ය ලබාගෙන තියෙනවා.