ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ විවිධ වංචා දූෂණ ගැන කාලයෙන් කාලයට හෙළිදරව් වෙනවා. හැබැයි ඒවාට නිසි පරීක්ෂණ නම් ක්‍රියාත්මක වුන බවක් පෙන්න නෑ. කොහොම වුනත් ක්‍රිකට් ආයතනයේ වංචා දූෂණ සහ තරඟ පාවාදීම් ගැන හොයන සටනට රන්ජන් රාමනායක මහතා අත ගහලා තියෙනවා.
රන්ජන් ඇමතිතුමා පහුගිය දවසක ප්‍රකාශ කරේ ක්‍රිකට් ආයතනයේ වංචා දූෂණ ගැන සියලුම File තමන් ගාව තියෙනවා කියලා. ඒවා ඉදිරියේදී රටට හෙළිකරනවා කියලත් ඔහු කිව්වා. රන්ජන් ඇමතිතුමා ළඟ තියෙන Files වල තියෙන තොරතුරු මොනවද කියලා අපි හොයලා බැලුවා.
“FCID, CID, සහ බයිබරි කොමිසම් වලට මේවා දීලා මේ ක්‍රිකට් හොරු ටික ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරපු සූදුකාරයන්ව, බුකීකාරයන්ව බෙල්ලෙන් අල්ලලා සිරගත කරන වැඩපිළිවෙළ මම දියත් කරනවා.” කියලා රන්ජන් මහතා අපිට කිව්වේ.