ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන මේ දවස්වල වැඩියෙන් කතා බහ වෙනවා. එක පැත්තකින් ක්‍රිකට් දූෂණ ගැන කතා කරනවා. තවත් පැත්තකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනේ නිලවරණය ගැන.
ලබන මැයි මාසයේ 19 වෙනිදා ක්‍රිකට් නිලවරණය පවත්වන්න නියමිතයි. ඒ නිසා දැන්ම නිලවරණයට තරඟ කරන පිරිස් සූදානම් වෙනවා. තිලංග සුමතිපාල මහතාගේ කාලයේ ක්‍රිකට් වල දියුණුවක් සිදු නොවුන නිසා වෙනත් කෙනෙක් ක්‍රිකට් මහා පුටුවට පත් කරන්න සූදානම් වෙනවා. එජාපයේ ප්‍රභලයින් කිහිප දෙනෙක් තමයි මේ වැඩේට අත ගහලා තියෙන්නේ.
හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාව ක්‍රිකට් සභාපති පුටුවට පත් කරන්න තමයි එජාපයේ ප්‍රභලයින් සාකච්ඡා පවත්වලා තියෙන්නේ. ක්‍රිකට් සභාපති ධූරය බාර ගන්න කියලා ඔවුන් අර්ජුන මහතා හමුවී ඉල්ලා තිබෙනවා. ඒ වගේම තිලංග මහතා ආයෙත් ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වෙනවා නම් ඊට විරුද්ධව ICC යට පැමිණිලි කරන්නත් ඔවුන් සූදානමින් ඉන්නවා.
මිට අමතරව හිටපු ක්‍රිකට් ක්‍රීඩකයනුත් ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ නිලවරණයක් නොපවත්වා කෙටි කාලයකට අතුරු කමිටුවක් පත් කරන්න කියලා. එහි සභාපති ධූරය සඳහා ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කල අයෙක් පත් කරන්න කියලාත් ඉල්ලා සිටියා.