මේ අවුරුද්දේ වෙසක් පෝය දීල තියෙන්නේ අප්‍රේල් 29 වෙනිදා. ඉතින් රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් මුද්දර කාර්යාංශය විසින් නිර්මාණය කරපු මුද්දරයක් එළැඹෙන 29 වැනිදා (වෙසක් පෝදා) නිකුත් කෙරෙන බව තැපැල් දෙපාර්තමේන්තුව කියනවා.
සැලසුම් ශිල්පී පාලිත ගුණසිංහ තමයි මේ මුද්දරය සිතුවම් කරල් තියෙන්නේ. මේ මුද්දරය වෙසක් රාජ්‍ය උත්සවය පැවැත්වෙන බිංගිරිය රජ මහා විහාරයෙදී තමයි එලි දක්වන්න නියමිත වෙලා තියෙන්නේ.
පළමු මුද්දරය ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන මහතාට පිරිනැමීමට නියමිත වෙලා තියෙනවා.