මේ වසරේදී මුළු ලෝකයේම අවධානය දිනා ගත්ත විවාහයක් සිදුවෙන්න නියමිතයි. ඒ තමයි හැරී කුමරු සහ මෙගන්ගේ විවාහ උත්සවය. ඔවුන්ගේ විවාහ උත්සවයට කිසිම දේශපාලඥයෙක්ට ආරාධනා කරන්නේ නෑ කියලා කලින්ම දැනුම් දුන්නා.
ඒ නිසා ඇමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ට, බ්‍රිතාන්‍ය අගමැතිනියට, ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝඩිට වගේම ලෝකයේ ප්‍රභලම රාජ්‍ය නායකයින්ට ඒ අවස්ථාව මඟ හැරෙනවා. කොහොම වුනත් මේ රාජකීය විවාහයට යන්න ඉන්දියාවේ තරුවකට ආරාධනා ලැබිලා තියෙනවා.
ඒ වගේම මේගන්ගේ ළඟම නෑදෑයන් කිහිප දෙනෙක්ටත් ආරධනා කරලා නෑ. ඒ අතර ඇයගේ මාමාවරු දෙන්නෙක්, අඩ සොහොයුරා සහ බෑනා කෙනෙක්ටත් ආරාධනා කරලා නෑ. මේ නිසා ඔවුන් ඉන්නේ ලොකු කනස්සල්ලකින් කියලයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. කොහොම වුනත් ඔවුන්ට ආරධනා නොකරපු හේතුවක් නම් තාම හෙළිවෙලා නෑ.