පහුගිය කාලය පුරාම උතුරු කොරියාව ලෝකයම උණුසුම කරා. ඒ න්‍යෂ්ටික අවි අත්හදා බලලා. උතුරු කොරියාව අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල කිහිපයක්ම අත්හදා බැලුවා. ඒවායින් සමහරක් ජපානයට නොවැටී බේරුනේ අනූ නවයෙන්.
කොහොම වුනත් ලෝක යුද්ධයක් දක්වා ඇවිලෙන්න ගිය මේ න්‍යෂ්ටික අතහදා බැලීම් නවත්වන්න උතුරු කොරියානු නායකයා තීරණය කරලා තියෙනවා. “අප්‍රේල් 21 වෙනිදා සිට උතුරු කොරියාව න්‍යෂ්ටික සහ අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිල අත්හදාබැලීම් නතර කරනු ඇති” කියලයි උතුරු කොරියාවේ රජයේ පුවත් ඒජන්සිය නිවේදනය කරේ.
“උතුරු කොරියාවේ න්‍යෂ්ටික හැකියාව නිවැරදි ලෙස පරීක්ෂාවට ලක් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂා කර බැලීම අනවශ්‍යයි.” කියලයි උතුරු කොරියානු නායකයා කිව්වේ. ඔහු මේ තීරණය ගනු ලැබුවේ දකුණු කොරියාව සහ උතුරු කොරියාව අතර ඓතිහාසික සාකච්ඡා ආරම්භ කරන්න කලින් වීම විශේෂත්වයක්.
කිම් ජොන්ග් අන්ගේ මේ ක්‍රියාව ලෝකයේ ප්‍රභල රටවල් රැසක පැසසුමට ලක්වුණා. “උතුරු කොරියාවට සහ ලෝකයට මෙය ඉතාමත් හොඳ පුවතක් – විශාල ප්‍රගතියක්. න්‍යෂ්ටික අවි අත්හැරීමෙන් පසු උතුරු කොරියාවට පැහැබර මගක් පවතිනවා” කියලයි ඩොනල් ට්‍රම්ප් මේ ගැන කිව්වේ.