News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
24

චීනයේ ලොකුම විල පිට්ටනියක් වෙයි.

4049 Views


චීනයේ ලොකුම විල පිට්ටනියක් වෙයි.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම කියන්නේ වර්තමානයේ තියෙන ලොකුම ගෝලීය ගැටලුව. මේ නිසා ලෝකයේ බොහෝ රටවලට නියගය ඇති වෙලා තියෙනවා. උතුරු සහ දක්ෂිණ ධ්‍රැව වල ග්ලැසියර් දියවීම නිසා මුහුදු ජල මට්ටමත් දියවෙලා තියෙනවා.

පොයැන්ග් විල කියන්නේ චීනයේ ලොකුම විල. හැබැයි අවුරුදු ගණනාවක් තිස්සේ තියෙන නියඟය නිසා පොයැන්ග් විල තණකොළ පිරුණු පිට්ටනියක් වෙලා තියෙනවා. විල හිදෙන්න කලින් අඩි 82 ක් ඉහළට ජලය තිබිලා තියෙනවා. ඒ වගේම විල හිදෙන්න කලින් විශාල බෝට්ටු පවා ගමන් කරලා තියෙනවා.

වර්ග කිලෝමීටර් 4,400 ක් පුරාවට විහිදිලා තිබ්බ පොයැන්ග් විලේ මේ වෙද්දී කුඩා වතුර වලවල් කිහිපයක් විතරයි ඉතිරිවෙලා තියෙන්නේ. තවත් කාලයක් යද්දී ලෝකය පුරාම ජලාශ හිඳෙන එක නවත්වන්න සක්කරයාටවත් බැරි වේවි.


News Articles
Latest Videos
Most Popular Post