News Line| Off Air
Generic placeholder image

Apr
24

උතුරු කොරියාවට සද්දේ දාපු දකුණු කොරියාවේ දැවැන්ත ශබ්ධ විකාශන යන්ත්‍ර ඉවත් කරයි.

1681 Views


උතුරු කොරියාවට සද්දේ දාපු දකුණු කොරියාවේ දැවැන්ත ශබ්ධ විකාශන යන්ත්‍ර ඉවත් කරයි.

උතුරු කොරියාවේ සහ දකුණු කොරියාවේ විරසකය ලෝකයට අලුත් දෙයක් නෙවෙයි නේ. හැබැයි දැන් දැන් දෙගොල්ලෝ මිත්‍ර වෙන්න හදනවා. නොබෝ දිනකින් දෙරටේ නායකයන් අතර සකඡාවකුත් පවත් වන්න නියමිතයි.

ඊට කලින් පහුගිය දවසක උතුරු කොරියාව තමන්ගේ න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවැත්තුවා. දකුණු කොරියාවත් එකට ප්‍රතිචාර දක්වලා තියෙනවා. ඒ උතුරු සහ දකුණු කොරියා දේශසීමා වල සවි කරලා තියෙන දැවැන්ත ශබ්ධ විකාශන යන්ත්‍ර ඉවත් කරගෙන.

දකුණු කොරියාව මේ වගේ දැවැන්ත ශබ්ධ විකාශන යන්ත්‍ර දේශසීමාවේ තැන තැන වල සවි කරලා තිබ්බා. උතුරු කොරියාව තමන්ට කරන චෝදනා වලට පිළිතුරු දුන්න පුවත් තමයි මේ විකාශන යන්ත්‍ර හරහා විකාශය කරේ. ඒ වගේම දවස පුරාම සංගීත වැඩසටහන් වික්ෂය කරා.

උතුරු කොරියාව සාකච්ඡා වලට දැක්වුව ප්‍රතිචාර වලට කාලගුණ දැක්වීමක් විදියටයි දකුණු කොරියාව මේ ශබ්ධ විකාශන යන්ත්‍ර ඉවත් කර ගත්තේ. දේශපාලන විචාරකයින් කියන්නේ දෙරටේම මේ ප්‍රතිචාර සාකච්ඡා වලට හොඳ ආරම්භයක් කියලා.


News Articles
Latest Videos
Most Popular Post