වෛද්‍ය විද්‍යාව කියන්නේ හාස්කම් කරන්න පුළුවන් විෂයක් වෙන්නේ ඒකට තාක්ෂණය එකතු වුනාම. මේ විදිහට වෛද්‍ය විද්‍යාවත් එක්ක නවීන තාක්ෂණය එකතුකරගෙන පරිස්සම් කරපු මිනිස් ජිවිත විශාල ප්‍රමාණයක් අපට පුවත් අතර අහන්න දකින්න ලැබෙනවා. ඉතින් මේ කියන්න යන්නෙත් ඒ විදිහට හාස්කමක් වුන සැත්කමක් ගැන. මේ තොරතුර අපට වාර්තා වෙන්නේ ඇමරිකාවෙන්.
ලෝකේ පළවෙනි පාරට කෙරුණ පූර්ණ ශිෂ්ණය හා වෘෂණ පැස බද්ධ කිරීමක් සාර්ථක ඉවරකරන්න ඇමෙරිකානු වෛද්‍ය කණ්ඩායමක් සමත්වෙලා තියෙනවා. මේ සැත්කමට එකොළොස් දෙනෙකුගෙන් සැදුම්ලත් ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් එකතු වෙලා. පැය 14 ට අධික කාලයක් සැත්කම කරන්න ගත වෙලා තිබුනා කියලයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
ඇෆ්ඝනිස්තානයේදී බෝම්බයකින් තුවාල වුණ සෙබළෙකුට අදාළ අවයව බද්ධය සිදු කරනු ලැබුවේ මේරිලන්ඩ්, බෝල්ටිමෝර් හි ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ශල්‍ය වෛද්‍යවරුන් පිරිසක් විසින්. ඇෆ්ඝනිස්තානයේදී, සඟවා තිබු බෝම්බයක් මත පා තැබීම නිසා අදාළ සෙබළාට තුවාල සිදුවෙලා තිබුණා.
මියගිය පරිත්‍යාගශීලියකුගේ ශිෂ්ණ, වෘෂණ පැස හා උදර බිත්තියේ කොටසක් මෙම බද්ධකිරීම සඳහා යොදා ගෙන තිබුණා.වෛද්‍යවරුන් කියන්නේ අදාළ සෙබලාට ලිංගික ක්‍රියාකාරීත්වය ලැබීමටද පුළුවන් වෙයි කියලයි.
රාජකාරියේ යෙදී සිටියදී තුවාල ලද සෙබළෙකුට මේ වගේ සැත්කමක් කළ පළමු අවස්ථාව මෙය වනවා. ඒ වගේම වෘෂණ පැස සහ ඒ අවට උදර ප්‍රදේශය ඇතුළත් පූර්ණ පටක කොටසක් බද්ධ කරන ලද පළමු අවස්ථාවද මේක.
කොහොම වුනත් අචාර ධර්ම පිළිබඳ කරුණු සැලකිල්ලට ගැනීම හේතුවෙන් පරිත්‍යාගශීලියාගේ වෘෂණ කෝෂ බද්ධ නොකළ බවද වෛද්‍යවරු කියනවා. වැස්කියුලරයිස්ඩ් කොම්පොසිට් අල්ලොට්‍රාන්ස්ප්ලාන්ටේෂන් (vascularised composite allotransplantation) යනුවෙන් වෛද්‍ය විද්‍යාවේදී හැඳින්වෙන මෙවැනි සැත්කමකදී සම, අස්ථි, මාංශපේශී, ස්නායුබද්ධ හා රුධිර නාල යනාදී සියල්ල පද්ධති කිරීමේ ක්‍රියාදාමයක් ඇතුළත් වෙනවා.
ඇමෙරිකාව තුළ පළමු ශිෂ්ණ බද්ධය 2016 වසරේදී බොස්ටන්හි මැසචුසෙට්ස් මහා රෝහලේදී සිදු කරල තිබුණා. ලොව ප්‍රථම සාර්ථක ශිෂ්ණ බද්ධය කරනු ලැබුවේ දකුණු අප්‍රිකානු ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් විසින්.
https://youtu.be/rVO0JL6FM4E