බුකියේ ඉන්න සමහරුන්ට ලණුවක් පෙන්නන්න විතරයි ඕන. කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඇදලා අරන් ගිලිනවා. මේ දවස්වලත් ඒ වගේ ලොකු ලණුවකට බුකියේ ඉන්න බහුතරක් අහුවුනා.
ඒ Audi මෝටර් රථයක් දිනා ගන්න Post එකක් Share කරලා. මේ Post එක Share කරන අය 5 දෙනෙක් අහඹු විදියට තෝරලා අලුත්ම Audi මෝටර් රථ 5 ක් තෑගි දෙනවා කියලයි Post එකේ සඳහන වෙන්නේ. හැබැයි මේ වෙද්දි ඒ කතාවේ ඇත්ත නැත්ත හෙළිවෙලා තියෙනවා.
Audi Sri Lanka සමාගම ඔවුන්ගේ නිල Facebook පිටුවේ සටහනක් තබමින් කියලා තියෙන්නේ ඒ පුවත බොරුවක් කියලා. Audi සමගම තාම ඒ විදියේ ප්‍රවර්ධන කටයුත්තක් ආරම්භ කරලා නෑ කියලයි.
ව්‍යාජ Facebook Post එක.
Audi Sri Lanka නිල Facebook පිටුවේ තැබූ සටහන