ඉන්දීය ක්‍රිකට් වසන්තය “IPL” මේ දවස්වල පැවැත්වෙනවා. මේ වෙද්දී තරඟාවලියේ අඩක් විතර අවසන් වෙලා තියෙන්නේ. ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම ඉන්නේ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම. දෙවන් ස්ථානයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ලබා ගෙන තියෙනවා.
හැබැයි ලංකාවේ සුපිරි ක්‍රීඩකයින් දෙන්නෙක්ගේ මඟ පෙන්වීමෙන් කටයුතු කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට IPL තරඟාවලියේ ක්‍රීඩා කල තරඟ 6 න 5 කම පැරදුණා. මුම්බායි පිලේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන. කාලයක් මුම්බායි පිලට ක්‍රීඩා කල ලසිත් මාලිංග මේ සැරේ මුම්බායි පිලේ වේග පන්දු උපදේශක විදියට කටයුතු කරනවා.
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම එක්ක තිබ්බ පළවෙනි තරඟය එක කඩුල්ලකින් චෙන්නායි කණ්ඩායම ජයග්‍රහණය කරනවා. Sunrisers Hyderabad කණ්ඩායම එක්ක තිබ්බ දෙවෙනි තරඟයෙන් ලකුණු 4 ක පරාජයක් මුම්බායි පිලට හිමි වෙනවා. Delhi Daredevils කණ්ඩායම එක්ක තිබ්බ 3 වෙනි තරඟයෙන් කඩුලු 7 ක සුපිරි ජයක් Delhi කණ්ඩායමට අත්වෙනවා.
හැබැයි Royal Challengers Bangalore කණ්ඩායම සමඟ තිබ්බ තරඟයෙන් ලකුණු 46 ක ජයක් ලබා ගන්න සමත් වුණා. Rajasthan Royals සමඟ තරඟයත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජය වෙනවා. Sunrisers Hyderabad කණ්ඩායම සමඟ ඊයේ තිබ්බ තරඟයෙන් අන්ත පරාජයක් මුම්බායි පිලට හිමි වෙනවා.
IPL ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම විදියට තමයි මුම්බායි කණ්ඩායම හදුන්වන්නේ. ඔවුන් IPL ශූරතා 3 ක් දිනාගෙන තියෙනවා. ඒ වගේම මේ සැරේ වැඩියෙන්ම තරංග පරාජය වුනේ අවසාන ඕවර කිහිපයේදී. වෙනදා මාලිංග යවන පන්දුවාර කිහිපයේදී වීම විශේෂත්වයක්. ඒ නිසා මාලිංග කණ්ඩායමේ නැති අඩුව පේන්න අරන් කියලා විචරයින් පවසනවා.
දිගින් දිගටම අත්වුන පරාජයන් නිසා මුම්බායි පිලේ මනස්කත්වයත් කඩා වැටිලා කියලයි විචාරකයින් කියන්නේ. පහුගිය අවුරුද්දේ IPL ශූරතාවය දිනා ගත්ත මුම්බායි පිල මේ අවුරුද්දේ අන්තිමයා වෙන ලකුණු තමයි දැන් නම් පෙන්න තියෙන්නේ.