News Line| Off Air
Generic placeholder image

Apr
26

ළමා දුෂකයන්ට මරණ දඬුවම නියම කරයි.

368 Views


ළමා දුෂකයන්ට මරණ දඬුවම නියම කරයි.

ඉන්දියාවේ ළමා දූෂකයන්ට එරෙහිව මරණීය දණ්ඩනය පැනවීමේ යෝජනාව එරට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරල තියෙනවා. ඉන්දියාවේ ආසන්න සති කිහිපයේ සිදුවූ ළමා අපචාර සහ ඒ හරහා රජයට එල්ල වූ දැඩි අපකීර්තිය නිසා ඉන්දීය රජය මෙම දැඩි පියවර අරගෙන තියෙන කියල දේශපාලන විචාරකයෝ කියනවා.

ඒ අනුව, මේ අලුත් නීතිය වයස අවුරුදු 12 ට අඩු දරුවෙකු ලිංගික අපයෝජනයකට ලක්කිරීම මරණීය දණ්ඩනය ලැබිය හැකි වරදක් බවට පත් කරලා තියෙනවා.

වයස අවුරුදු 08ක දැරියක සමූහ දූෂණයට ලක්කර මරා දැමීමේ සිදුවීම සමග රට පුරා ඇවිලෙමින් පැවති විරෝධතා රැල්ල සමග මෙම තීරණය වඩාත් කඩිනමින් ගැනීමට ඉන්දීය රජයට සිද්ධ වුණා.

විශේෂයෙන් ඉන්දියාවේ ළමා හා කාන්තා අපචාර සම්බන්ධයෙන් නීතිය මන්දගාමී ස්වරූපයක් ගන්නා බවට චෝදනා එල්ල වූයේ 2012 වසරේදී දිල්ලියේදී වෛද්‍ය ශිෂ්‍යාවක සමූහ දූෂණයකට ලක්කර මරා දැමීමේ සිදුවීමත් එක්ක.


News Articles
Latest Videos
Most Popular Post