News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
26

සුපිරි IPL නායකයා ඉල්ලා අස්වෙයි.

1869 Views


සුපිරි IPL නායකයා ඉල්ලා අස්වෙයි.

IPL තරඟාවලියේ දරුණුම පරාජයන් ලබපු කණ්ඩායම තමයි දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම. මේ වෙද්දී තරඟ 6 කට මුහුණ දුන්න දිල්ලි කණ්ඩායම තරඟ 5 ක්ම පරාජය වෙලා තියෙනවා. දිල්ලි කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරිලා තියෙන්නේ ගෞතම් ගාම්භිර්ට.

දිගින් දිගටම අත්වුන මේ පරාජයන් නිසා නායකත්වයෙන් ඉල්ලා අස්වෙන්න ගාම්භීර් තීරණය කරලා තියෙනවා. “මේක තනිකරම මගේ තීරණයක්. නායකයෙක් විදියට කණ්ඩායමේ සියලුම පරාජයන්ගේ වගකීම මම බාර ගන්නවා.” කියලයි ඉල්ලා අස්වෙමින් ගාම්භීර් කිව්වේ.

ගාම්භීර්ගෙන් හිස් වුන දිල්ලි නායකත්වයට යොවුන් ක්‍රීඩක ශ්‍රේයාස් අයියර් පත් කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post