News Line| Off Air
Generic placeholder image

Apr
26

ලෝක කුසලාන කාල සටහන උඩු යටිකුරු කරේ ඉන්දියාවද?

1561 Views


ලෝක කුසලාන කාල සටහන උඩු යටිකුරු කරේ ඉන්දියාවද?

එක කුසලානයක් වෙනුවෙන් රටවල් 10 ක් තරඟ වදින 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ කාල සටහන ඊයේ නිකුත් වුණා. මෙවර තරඟාවලිය ආරම්භ වෙන්නේ මැයි 30 වෙනිදා. ජූලි 14 වෙනිදා අවසන් මහා තරඟය පවත්වන්න නියමිතයි.

කොහොම වුනත් ක්‍රිකට් තමන්ගේ පාලනයට නතු කරගෙන ඉන්න ඉන්දියාව ලෝක කුසලාන කාල සටහනත් වෙනස් කරලා කියලා වාර්තා වෙනවා. ලෝක කුසලාන තරඟාවලියේ ඉන්දියාව සහභාගී වෙන පළවෙනි තරඟය ජුනි 02 වෙනිදා. හැබැයි ඉන්දියාවේ මැදිහත්වීම මත දකුණු අප්‍රිකාව එක්ක තියෙන පළවෙනි තරඟය ජුනි 04 වෙනිදට යොදලා තියෙනවා.

2019 යේ IPL තරඟාවලිය පැවැත් වෙන්නේ මාර්තු 29 ඉඳලා මැයි 19 වෙනිදා දක්වා. IPL තරඟාවලියේ ඉඳලා ජාත්‍යන්තර තරඟ අතර දින 15 ක හිඩැසක් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ “ලෝධා” කමිටුව නිර්දේශ කරලා තියෙනවා. මේ නිසා තමයි ඉන්දියාවට ඕන විදියට ලෝක කුසලාන කාල සටහන වෙනස් කරලා තියෙන්නේ.

ලෝක කුසලානයේ නිල කාල සටහන එළිදක්වන්න කලින් කාල් සටහනේ වෙනස්කම් ගැන ICC ය ඉන්දියාව එක්ක කතා කරලා තියෙනවා. හදිසියෙවත් ජුනි 02 දා තරඟය තිබ්බ නම් ඉන්දියාවට ක්‍රීඩා කරන්න අවස්ථාවක් තිබ්බේ නෑ කියලා ඉන්දීය ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post