මිනිසාගේ ක්‍රියාකරකම් නිසා ගොඩක් සතුන්ට පෘථිවියෙන් සඳහටම වඳ වෙලා යන්න වෙලා. පහුගිය දවසක ලෝකයේ අන්තිම උතුරු කඳුකර සුදු රයිනෝ පිරිමි සත්වයා මියගියා. ඒ වගේ තවත් දුර්ලභ සතෙක් මිය ගියා.
ඒ නිවර්තන කලාපයේ ඉපදුන එකම හිමවලසා. “ඉනුකා” නමින් හඳුන්වන හිමවලසා. ඉනුකා හිටියේ සිංගප්පූරු සත්වෝද්‍යානයේ. මිය යද්දී ඉනුකා 27 වන වියේ පසුවුණා. කොහොම වුනත් සාමාන්‍ය හිමවලසෙක්ට වඩා ඉනුකා අවුරුදු 10 කට වැඩි කාලයක් ජිවත් වුණා.
සත්වෝද්‍යාන බලධාරීන් කියන විදියට ඉනුකා ආතරයිටිස්, දත් හැලීම වගේම කන් නෑසීම යන රෝග වලින් පිඩා විඳලා තියෙනවා. ඒ අනුව ඉනුකාගේ මරණය වයසට යාම නිසා සිදුවුන ස්වභාවික මරණයක්. 1990 දෙසැම්බර් 26 වෙනිදා තමයි ඉනුකා ඉපදුනේ. සිංගප්පූරුවේ ජාතික සත්වෝද්‍යානයේ වාසය කල 4 වෙනි හිම වලසාද වෙනවා.
සත්වෝද්‍යානය ඇතුලේ ඉනුකාට පහසුවෙන් ජිවත් වෙන්න තුන්ද්‍රා කලාපයේ දේශගුණය තියෙන වෙනම වාසස්ථානයක් පවා නිර්මාණය කරලා තියෙනවා. ඒ වුනත් සිංගප්පූරුවේ දහවල් කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 25 කට ආසන්න වෙනවා. ඒ උෂ්ණත්වය හිමවලසෙක්ට කොහෙත්ම ගැලපෙන්නේ නෑ.