News Line| Off Air
Generic placeholder image

Apr
26

මැයි 7 නිවාඩු ලැබෙන්නේ කාටද?

778 Views


මැයි 7 නිවාඩු ලැබෙන්නේ කාටද?

වැඩකරන ජනතාවගේ දිනය විදියට තමයි මැයි 1 වෙනිදා හඳුන්වන්නේ. හැබැයි මේ සැරේ මැයි පළවෙනිදා වෙසක් සතිය යෙදිලා ථියෙනවාඅ.ඒ නිසා ලංකාවේ මැයි දින සැමරුම මැයි 7 වෙනිදාට යොදන්න රජය කටයුතු කරලා තිබ්බා.

ඒ වගේම මැයි පළවෙනිදට දීලා තිබ්බ රජයේ නිවාඩුවත් අවලංගු කරා. මැයි 7 වෙනිදා ඒ වෙනුවට රජයේ නිවාඩු දිනයක් කරා. හැබැයි මැයි 7 වෙනිදා නිවාඩු දිනයක් කරන්න යවපු ගැසට් එකේ පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය සේවකයින් ඇතුලත් කරලා තිබ්බේ නෑ. මේ නිසා මැයි 7 පෞද්ගලික අංශයට නිවාඩු ලැබෙන එකක් නෑ කියලයි ගොඩක් අය කිව්වේ.

නමුත් මැයි 7 වෙනිදා පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය සේවකයින්ටත් නිවාඩු දිනයක් කියලා කම්කරු කොමසාරිස් ජෙනරාල් ඒ. විමලරත්න මහතා නිවේදනය කරා. අවුරුද්දෙම වැඩ කරලා මහන්සි වුන අයට රාජ්‍ය, පෞද්ගලික බේදයක් නැතුව කම්කරු දිනය සමරන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post