ලංකාවේ මිනිස්සු කියන්නේ සංවේදී හදවත් තියෙන පිරිසක්. අනිත් අයගේ දුකේදී උණුවෙන හදවතක් ලංකාවේ මිනිසුන්ට තියෙනවා. පහුගිය දවස්වල බුකියේ වැඩියෙන්ම Share වුන Post එකක් තිබ්බා. පුංචි දියණියකගේ හදවත් සැත්කමක් කරන්න අවශ්‍ය මුදල් සහ රුධිරය සොයා ගන්න උදව් කරන්න කියලා තමයි ඒ Post එකේ සඳහන් වෙලා තිබ්බේ.
ඒ දියණියගේ සැත්කම පහුගිය දවසක සාර්ථකව සිදුකරා. දියණියගේ සැත්කම සාර්ථක කර ගන්න උදව් කරපු සියලු දෙනාටම ස්තුති කරලා ඒ දැරියගේ පියා Facebook එකේ සටහනක් තියලා තිබ්බා.
“දුවගේ Operation එක සාර්ථකයි. දුව හොදින් ඉන්නවා. ලංකාවේ, වෙනත් රටවල මේ සියලු දෙනා නිසයි මේ දවස මට උදා වුනේ. මගේ දුව බේරලා දුන්න සියලුම දෙනාට ගොඩක් පිං. මම සහ මගේ බිරිඳ ඔයාලට ණයගැති. අපි දෙන්නම ඔයාලට දණ ගහලා වදිනවා. මගේ දරුවා බේරුණා. ඔයාලා හැමෝටම ගොඩක් පිං. මගේ සතුට ඔයාලා මට දුන්නා. බුදුසරණයි.” කියලා ඔහු Facebook එකේ සටහනක් තියලා තිබ්බා.