News Line| Off Air
Generic placeholder image

Apr
27

ෂකිබ් අල් හසන් ඉන්දියාව ගොඩගනී. ඊයේ IPL තරඟාවලියේ අමතක නොවන ඉනිම.

6196 Views


ෂකිබ් අල් හසන් ඉන්දියාව ගොඩගනී. ඊයේ IPL තරඟාවලියේ අමතක නොවන ඉනිම.

Sunrisers Hyderabad කණ්ඩායම සහ Kings XI Punjab කණ්ඩායම අතර තරඟයෙන් පහසු ජයක් Hyderabad කණ්ඩායමට අත්වුනා. මුලින්ම පන්දුවට පහර දුන්න Hyderabad කණ්ඩායමේ ආරම්භය සාර්ථක වුණේ නෑ. ධාවන් ලකුණු 11 කටත් විලියම්සන් ලකුණු නොලබාත් දැවී ගියා. හැබැයි බිඳ වැටෙමින් තිබ්බ Hyderabad ඉනිමට මුක්කුවක් ගහන්න පාන්ඩේ සහ ෂකිබ් සමත් වුණා.

පාන්ඩේ ලකුණු 54 යි. ෂකිබ් ලකුණු 28 යි. පතාන් නොදැවී ලකුණු 21 ක් ලබා ගත්තා. සුපිරි පන්දු යැවීමක නිරත වුන අන්කිත් රාජ්පුත් කඩුලු 5 ක් දවා ගත්තා. පන්දුවාර 20 අවසන් වෙද්දී Hyderabad කණ්ඩායමට ලබා ගන්න පුළුවන් වුනේ ලකුණු 132 ක් විතරයි. ඒ කඩුලු 6 බිඳ වැටි.

Punjab කණ්ඩායමට ලකුණු 133 ක පහසු ඉලක්කයක් ලැබුණා. හැබැයි ආරම්භක පිතිකරුවන් ලබා ගත්ත සාර්ථකත්වය දිගටම තියා ගන්න අනෙක් පිතිකරුවන්ට බැරි වුණා. රාහුල් ලකුණු 32 යි. ගේල් ලකුණු 23 යි. අනෙක් කිසිම ක්‍රීඩකයෙක්ට සාර්ථක වෙන්න Hyderabad පන්දු යවන්නන් අවසර දුන්නේ නෑ.

ලකුණු 119 ක් වෙද්දී Punjab ඉනිම අවසන් වුණා. රෂිඩ් ඛාන් කඩුලු 3 යි. සන්දීප්, බැසිල් සහ ෂකිබ් කඩුලු 2 බැගින් දවා ගත්තා. Sunrisers Hyderabad කණ්ඩායමට ලකුණු 13 ක ජයක් අත්වෙනවා. තරඟයේ වීරයා අන්කිත් රාජ්පුත්.

 


News Articles
Latest Videos
Most Popular Post