News Line| Off Air
Generic placeholder image

Apr
27

ICC යෙන් රටවල් 104 කට කෝටි ගණනක් වටිනා තෑග්ගක්.

908 Views


ICC යෙන් රටවල් 104 කට කෝටි ගණනක් වටිනා තෑග්ගක්.

ICC යෙන් අවසර ගන්නවා කියන්නේ ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වගේ වැඩක්. හැබැයි මේ දවස්වල නම් ICC ය ලෝකෙටම දැන් දෙන්න පටන් අරන්. සමාන්‍යයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කරන්න නම් ICC ය අවසර දෙන්න ඕන.

පහුගිය දා ඉන්දියාවේ තිබ්බ ICC සැසිවාරයේදී ඓතිහාසික තීන්දුවක් ගත්තා. ඒ ICC යේ සියලුම සාමාජික රටවලට ජාත්‍යන්තර T20 වරම් ලබා දෙන්න. මේ තීරණය අනුව එළඹෙන ජුලි මාසයේ 01 වෙනිදා ඉඳලා කාන්තා කණ්ඩායම් වලට ICC T20 වරම් ලැබෙනවා ලබන අවුරුද්දේ ජනවාරි 01 වෙනිදා ඉඳන් සාමාජික රටවල පිරිමි කණ්ඩායම් වලට ජාත්‍යන්තර T20 වරම් හිමිවෙනවා.

රටවල් 12 ක් ICC යේ පූර්ණ සාමාජිකත්වය හිමිවෙලා තියෙනවා. ඒ වගේම රටවල් 92 කට හවුල් සාමාජිකත්වය ලැබිලා තියෙනවා. ඒ රටවල් සියල්ලටම ජාත්‍යන්තර T20 වරම් හිමි වෙනවා.

ඒ වගේම වැරදි කරන ක්‍රීඩකයින්ට ලබා දෙන දඬුවම් වෙනස් කරන්නත් ICC යේ අවධානය යොමු වෙලා තියෙනවා. ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ඇතුලත් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා කියලාත් ICC සැසියේදී කතාබහ වුණා.


News Articles
Latest Videos
Most Popular Post