අගමැතිට විරුද්ධ ශ්‍රීලනිපයේ 16 දෙනෙක් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තීරණය කරා. ඒ පහුගිය විශ්වාසභංගයේදී අගමැතිට විරුද්ධව ඡන්දය දුන්න මැති ඇමතිවරු 16 දෙනා. ඔවුන් තමන්ගේ තනතුරු වලිනුත් පහුගිය දා ඉවත් වුණා.
ඔවුන් කිව්වේ ශ්‍රිලනිපයේම ඉගෙන විපක්ෂයේ වාදී වෙනවා කියලා. හැබැයි ඒ 16 දෙනාගේ කල්ලියේ 3 දෙනෙක් අදහස වෙනස් කරගෙන කියලා වාර්තා වෙනවා ඉදිරියේදී සිදුකරන අමත්‍ය මණ්ඩල සංශෝධනයේදී ශක්තිමත් ආමාත්‍යංශයක් දෙනවා නම් ආණ්ඩුවේම ඉන්නවා කියලා තමයි මේ 3 දෙනා කියලා තියෙන්නේ. ආණ්ඩුවේ ඉහළ නිලයකින් ඔවුන්ට ඒ ගැන පොරොන්දුවකුත් ලැබිලා තියෙනවා.
ඒකාබද්ධ විපක්ෂයේත් මේ වෙලාවේ මත ගැටුමක් තියෙන නිසා විපක්ෂයට යන එක ඇඟට හොද නෑ කියලයි ඔවුන් කතා වෙලා තියෙන්නේ. මේ තුන්දෙනා අතර මන්ත්‍රීවරියක් ඉන්නවා කියලත් වාර්හා වෙනවා. කොහොම වුනත් පහුගිය දා ජනාධිපතිවරයා කිව්වේ ශ්‍රීලනිපයේ ආණ්ඩුවේ හෝ විපක්ෂයේ වැඩි වෙන්න කැමති අයට ඒ සඳහා අවස්ථාව තියෙනවා කියලා.