News Line| Off Air
Generic placeholder image

Apr
27

සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා මුහුද යට Selfie ගසමින් බුදු දහමට නිගා කරපු හැටි. – Photo

3122 Views


සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා මුහුද යට Selfie ගසමින් බුදු දහමට නිගා කරපු හැටි. – Photo

සෑම ආගමකට ගරු කරන්න කියලා තමයි අපිට පොඩි කාලයේ ඉදන් උගන්වන්නේ. මොකද තමන්ගේ ආගමට තමන් ගෞරව කරන තරමටම අනිත් අය ඔවුන්ගේ ආගමට ආදරය කරනවා.

දකුණු අප්‍රිකාවේ වේග පන්දු යවන සුපිරි ක්‍රීඩක ඩේල් ස්ටේන් කැත වැඩක් කරලා තියෙනවා. පහුගිය දවසක ඔහු ඉන්දුනීසියාවේ බාලි දුපත්වල සංචාරයක නිරත වුණා. එකේදී මුහුද යට තියෙන බුදු පිළිම බලන්න කිමිදිලා තිබ්බා.

හැබැයි ඔහු බුදු පිළිම බලලා නිකන් හිටියේ නෑ. බුදු පිළිමයට අගෞරව වෙන විදියට ඉඳලා Selfie ගහලා තිබ්බා. ඩේල් ස්ටේන් ඒ ඡායාරූප Instagram එකේ පළකරමින් සඳහන් කරලා තිබ්බේ “Chilling with My Buddha’s” කියලා. ඩේල් කරපු මේ කැත වැඩේට ඉන්දුනීසියාවේ මාධ්‍ය වගේම ලෝකය පුරාම බෞද්ධයින් විරෝධය පලකරලා තියෙනවා.

මේ තියෙන්නේ ඩේල් ස්ටේන් Instagram එකේ තියපු සටහන.


News Articles
Latest Videos
Most Popular Post