බෝට්ටු 50කින් පමණ ආව පිරිිිසක් විසින් ඉරණතිවු දූපත අල්ලා ගත්තා කියලා සමහර මාධ්‍ය අද වාර්තා කරලා තිබ්බා. මේ කතාවේ ඇත්ත නැත්ත අපි නාවික හමුදාවෙන් අහලා බැලුවා.
නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා කිව්වේ ඒ කතාව බොරුවක් කියලා. පසුගිය 22වන දා එම දූපතේ සාමකාමී උද්ඝෝෂණයක් විතරක් ක‍්‍රියාත්මක වුනා කියලයි ඔහු කිව්වේ. ඒ ඉරණතිව් දූපතේ පාරම්පරික ඉඩම් එහිමුලි හිමිකරුවන් වෙත දෙන්න කියලා ඉල්ලමින්.
මෙම සාමකාමී උද්ඝෝෂණය නිසා නාවික හමුදාවේ රාජකාරීවලට කිසිදු බාධාවක් ඇති වුනේ නෑ කියලා නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා ප්‍රකාශ කරා.
ඒ වගේම මේ වන විටත් ඉරණතිව් දූපතේ පිහිටි නාවික හමුදා කදවුර සුපුරුදු පරිදි ක‍්‍රියාත්මක වෙනවා කියලා ඔහු වැඩි දුරටත් සඳහන් කරා.