News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
27

ශ්‍රී ලංකා ක්‍රිකට් ලොකු පුටුවට සුදුස්සා තේරීම කල් යයි. – හේතුව මෙන්න. – EXCLUSIVE

793 Views


ශ්‍රී ලංකා ක්‍රිකට් ලොකු පුටුවට සුදුස්සා තේරීම කල් යයි. – හේතුව මෙන්න. – EXCLUSIVE

ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණයට නම යෝජනා භාර ගැනීම අද දවසෙන් අවසන් වීමට නියමිතව තිබුණා. ඒ අනුව ක්‍රිකට් ක්‍රිකට් නිළවරණය පැවැත්වෙන්න නියමිත වෙලා තිබුනේ මැයි 19 වනදා. එත් සියත 24 වෙත ලැබුණු තොරතුරු අනුව මෙම නිළවරණය දින නියමයක් නොමැතිව කල් ගිහින් තියෙනවා.

මේකට හේතුව විදිහට වාර්තා වෙන්නේ ක්‍රිකට් නිළවරණය මෙහෙයවීම සඳහා පත් කළ නිලවරණ කමිටුව සම්බන්ධයෙන් වූ ගැටළුවක්. එය විභාග කිරීමෙන් අනතුරුව මෙලෙස ක්‍රිකට් නිළවරණය කල් තැබූ බවයි ක්‍රීඩා අමාත්‍යංශයෙන් වාර්තා වෙන්නේ. මේ ගැන ක්‍රීඩා අමාත්‍යංශය නීතිපති වරයාගෙන් උපදෙස් පැතුවා. එහිදී නීතිපති වරයා පෙන්වා දුන්නේ මේ නිළවරණ කමිටුව නීති විරෝධී බවයි.

මේ වන විට වත්මන් ක්‍රිකට් පාලනයේ ධූර කාලය අවසන් බැවින්, ක්‍රිකට් අතුරු කමිටුවක් ක්‍රීඩා අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පත් කරනු ඇති බවයි ක්‍රීඩා අමාත්‍යංශයෙන් ලැබුන විශ්වාසවන්ත තොරතුරු වලින් වාර්තා වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post