බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කැතරින් (කේට්) කුමරියගේ අලුත්ම පුතාට නම තියන එක ගැන හැමෝම උනන්දුවෙන් හිටපු කාරණයක් වුනා. මේ සම්බන්ධයෙන් විවිධ නම් වල ඔට්ටු ඇල්ලීම් පවා වාර්තා වුණා. ඉතින් මේ හැම එකක්ම අතරේ අලුත උපන් පුතාට ලුවිස් ආතර් චාල්ස් කියල නම් කලේ ඊයේ හවස.
බ්‍රිතාන්‍ය රජ පවුලේ අලුත්ම සාමාජිකයා රාජ්‍යත්වයට උරුමකම් කීම අතින් 05 වෙනි තැන ගන්නවා. 2013 අවුරුද්දේ කරපු නීතිමය වෙනස්කම් අනුව අලුත් බිලිඳු කුමරාගේ සොහොයුරිය වන චාලට් කුමරිය රාජ්‍යත්වයට සැපත්වීමේ අයිතිය අතින් ඉන්නේ 04 වෙනි තැන.
ඉතින් අලුතින් ඉපදුණු කුමාරයා මෙතැන් පටන් කේම්බ්‍රිජ් හි ලුවිස් කුමරු ලෙසින් හැඳින්වෙනවා කියලයි විලියම් කුමරු සහ කේට් කුමරිය වාසය කරන කෙන්සින්ටන් මාලිගයේ නිලධාරීන් නිකුත් කළ ට්විටර් පණිවුඩයෙන් කියවෙන්නේ.