News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
28

මෙවර ශ්‍රී පාද වාරය හෙටින් අවසන්

591 Views


මෙවර ශ්‍රී පාද වාරය හෙටින් අවසන්

2017- 2018 මෙවර ශ්‍රී පාද වන්දනා වාරය ලබන අප්‍රේල් මස 29 (හෙට) වෙනි ‍පොහොය දිනෙන් අවසන් වෙනවා. එදිනට සිරිපා මලුවේ සිට සධාතුක කරඬුව සහිත ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමා වහන්සේලා පැල්මඩුල්ල රජ මහා විහාරස්ථානය වෙත පෙරහර තුනකින් මාර්ග තුනක් ඔස්සේ වැඩම කිරීමට කටයුතු යොදා තියෙනවා.

පසුගිය දෙසැම්බර් මාසයෙන් ආරම්භ වූ වන්දනා වාරය ‍පොහොය හයකින් මාස පහකින් අවසන් වනවා. ඒ අනුව තමයි අප්‍රේල් මස ‍පොහොය දිනෙන් වන්දනා වාරය අවසන් වන්නේ. චන්ද්‍ර මාස ක්‍රමය අනුව වෙසක් ‍පෝය ලෙස අප්‍රේල් අග ‍පොහොය ගැනීමට සිදුව තිබෙනවා. අප්‍රේල් මස 30 වෙනි දින රාත්‍රී 9 පමණ වන විට සමන් දේව ප්‍රතිමා හා දේවාභරණ ගල්‍පොත්තාවල විහාරස්ථානයට වැඩම කර එදින රාත්‍රී 9 සිට පසුදා උදෑසන 10 පමණ වන තුරු මාලිගාවේ තැන්පත් කර පුද පූජා පවත්වා මහජනතාවට වැද පුදා ගැනීමට විවෘත කොට තිබෙනවා.

මෙවර වන්දනා වාරය අවසන් කර පැල්මඩුල්ල විහාරස්ථානය කරා සමන් දේව ප්‍රතිමා හා දේවාභරණ වැඩමවීමේ ප්‍රධාන පෙරහර ගමන් ගන්නේ අඹගමුව යටියන්තොට, සීතාවක, දෙහිඕවිට, කුරුවිට හා රත්නපුර හරහායි.


News Articles
Latest Videos
Most Popular Post