News Line| Off Air
Generic placeholder image

Apr
28

පෘථිවියට සමාන ග්‍රහලෝක සොයා TESS අභ්‍යාවකාශයට යයි. (VIDEO)

640 Views


පෘථිවියට සමාන ග්‍රහලෝක සොයා TESS අභ්‍යාවකාශයට යයි. (VIDEO)

පෘථිවියට සමාන ග්‍රහලෝක සොයා ගැනීම සඳහා නාසා ආයතනය මඟින් නව චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කරල තියෙනවා. The Transit Exoplanet Survey Satellite හෙවත් TESS ලෙස තමයි මේ චන්ද්‍රිකාව නම් කරල තියෙන්න. චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කරල තියෙන්නේ ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ කැනවරල් තුඩුවේ පිහිටි අභ්‍යාවකාශ මෙහෙයුම් මධ්‍යස්ථානයෙන්.

මෙම චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 337 ක මුදලක් වියදම් කරල තියෙනවා. ස්පේස් එකස් ආයතනයේ ෆෝල්කන් 9 රොකට්ටුවකින් තමයි මේ චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගතකරල තියෙන්නේ.

මේ ගවේෂණ යානයෙන් ඉදිරි වසර දෙකක් තුළ දීප්තිමත් තාරකා දෙලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් වටා ඇති ක්ෂිරපථය පරීක්ෂාවට ලක් කිරීමට පුළුවන් වෙනවා. යානය සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටි ග්‍රහලෝක 20,000 ක් වත් හඳුනාගනු ඇති බවට නාසා ආයතනය විශ්වාසය පළකරනවා.

ඒ වගේම පෘථිවියට සමාන ග්‍රහලෝක 50 ක් වත් එම යානයට සොයා ගැනීමට හැකි වෙයි කියල නාසා ආයතනය වැඩිදුරටත් කියනවා.

කොහොම වුනත් පෘථිවියෙන් එපිට ජීවයක් පැවතීම සම්බන්ධයෙන් කරනු ලබන පර්යේෂණ වලට මේ අලුත් චන්ද්‍රිකාව මඟින් ලබා ගන්නා තොරතුරු ඉතා වැදගත් වෙනවා.

https://youtu.be/zCsymzzMpTU


News Articles
Latest Videos
Most Popular Post