News Line| Off Air
Generic placeholder image

Apr
29

අද එක ලග්නයක් තමන්ගේ දරුවන් ගැන සැළකිලිමත් වෙන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

624 Views


අද එක ලග්නයක් තමන්ගේ දරුවන් ගැන සැළකිලිමත් වෙන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 අප්‍රියෙල් මස 29 වන ඉරිදා 
රාහු කාලය: දිවා කාලය සඳහා අලුයම 04.46 සිට උදෑසන 06.18 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස 04.29 සිට සවස 05.57 දක්වා 
සුභ දිශාව: දකුණ  
අසුභ දිශාව: උතුර  

මේෂ ලග්නය

සමාජ සේවා වැඩ කටයුතු වලට යොමුවන දිනයකි. කලක් තිස්සේ තිබු බලාපොරොත්තුවක් ඉටුවන දිනයකි. නිසි තීරණ ගැනීමටද වග බලාගත යුතු දිනයකි. ආගමික කටයුතු වලටද ඔබ වෙනදට නැඹුරු  දිනයකි. තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය: රතු පැහැය                                             ජය අංකය: 04

වෘෂභ ලග්නය

යම් යම් බාධා ඇතිවිය හැකි දිනයකි. එබැවින් කරනා වැඩ කටයුතු වලදී වඩාත් කල්පනාකාරී විය යුතු දිනයකි. සෑම අතින්ම ආරක්ෂාකාරීව කටයුතු කළයුතු දිනයකි. සම්පාදනය සතුරන් දුරුවන දිනයකි. දෙමව්පියන්ට හා තමන්ගේ සමීපතමයින්ට වඩාත් ගෞරවයෙන් සලකන්න. කල්පනාකාරීව හා ආගමානුකුලව  දිනය ගතකිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: කහ පැහැය                                                            ජය අංකය: 05

මිථුන ලග්නය

මොනතරම් බාධා ආවත් ඒවා හමුවේ සාර්ථක වන දිනයකි.  අධ්‍යාපන හා ව්‍යාපාර කටයුතු වලටද සුභයි. සතුටින් දිනය ගතකිරීමේ වාසනාව ඇත. රැකියා හා ව්‍යාපාර කටයුතු සාර්ථක වන දිනයකි. ඉවසීමෙන් යුතුව, තැනට සුදුසු නුවන යොදාගනිමින්, අන් අයගේ මෙන්ම විශේෂයෙන්ම වැඩිහිටයන්ගේ උපදෙස් මත ක්‍රියා කිරීම වඩාත් වැදගත් වන දිනයක්.
ජය වර්ණය: කොළ පැහැය                                                         ජය අංකය: 09

කටක ලග්නය

ලද දෙයින් සැහීමකට පත්විය යුතු දිනයකි. සියලු අභියෝග හමුවේ සාර්ථකව කටයුතු කළහැකි දිනයකි. ඉවසීමෙන් යුතුව මෙන්ම ප්‍රවේසමෙන් හා නිසි සැලසුම් සහිතව කටයුතු කරන්න. ආගමානුකුලව දිනය ගත කරන්න. නමුත් වඩාත් කල්පනාකාරීව වැඩ කටයුතු කරන්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: සුදු පැහැය                                                 ජය අංකය: 02

සිංහ ලග්නය

අලුත් අදහස් අනුව කටයුතු කිරීමට වෙහෙසෙන දිනයකි. අද දින ඔබ දෙවරක් සිතා බලා කටයුතු කළ යුතුයි. ඔබ කරනා කියන වැඩ කටයුතු කෙරෙහි වැඩි අවදානයක් දිය යුතු දිනයකි. විදෙස් ව්‍යාපාර කටයුතු වලට ඉතාම යහපත් දිනයකි. අනිවාර්යයෙන්ම වැඩිහිටි උපදෙස් පිළිපැදිය යුතු දිනයකි.
ජය වර්ණය: තැඹිලි පැහැය                                                  ජය අංකය: 01

කන්‍යා ලග්නය

දරුවන් සම්බන්ධව ප්‍රවේසමෙන් කටයුතු කළයුතු දිනයකි. දුරදක්නා නුවණින් යුතුව හා ඉවසීමෙන් කටයුතු කළයුතු දිනයකි. ආවේගශීලී නොවන්න. එබැවින්  වැඩිහිටි උපදෙස් අනුව නිහතමානිව වැඩ කටයුතු කිරීමට යොමු විය යුතු දිනයකි. කල්පනාකාරී වීම වැදගත්. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය                                                 ජය අංකය: 03

 

තුලා ලග්නය

යම් වෙනසක් සහිතව, නව සැලසුම් සහිතව දිනය  කරයි. රැකියා සම්බන්ධව තීරණ ගැනීමේදී වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. ඔබේ දැනුමට හා ශ්‍රමයට නිසි වටිනාකමක් ලැබෙන දිනයකි. නමුත් කල්පනාවෙන් හුතුව කටයුතු කරන්න. තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කරන්න. වැඩිහිටි උපදෙස් අනුව සිහිබුද්ධියෙන් කටයුතු කරන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය                                                    ජය අංකය: 03

වෘශ්චික ලග්නය

 

යම් යම් ආර්ථික අපහසුතා ඇතිවන දිනයකි. ඔබේ කීර්ති නාමයට කැළලක් නොවන අයුරින් කටයුතු කිරීමට වග බලාගත යුතු දිනයකි. සිත් අත්වුල් ඇතිවීමටද වැඩි ඉඩ කඩ පවතියි. එබැවින් ප්‍රවේසම් වන්න. නිවාස ආශ්‍රිතව ඔබ කාර්යබහුල වන දිනයකි. දෙවරක් සිතා බලා කතා කරන්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: රතු පැහැය                                               ජය අංකය: 02

 

 

ධනු ලග්නය

වෙනදට වඩා කල්පනාවෙන් කටයුතු කළයුතු දිනයකි. ඉවසිල්ලෙන් යුතුව කටයුතු කරන්න. ආදායම් තත්වය නම් යහපත් වන දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු සාර්ථක වන දිනයකි. වැඩිහිටි උපදෙස් මත ඉවසීමෙන් හා සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කරන්න. සාධාරණව නිහතමානිකම තුල මෙන්ම දුර නුවණ මත කටයුතු කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය                                             ජය අංකය: 03

 

මකර ලග්නය

යම් තරමක බලාපොරොත්තු ඉටුවන දිනයකි. නව අදහස් පහල වන දිනයකි. එමෙන්ම විදෙස් ගමන් බිමන් වලට අදහස් පහල වන දිනයකි. නමුත් අන් අය අතරදී ප්‍රවේසමෙන් කටයුතු කරන්න. එබැවින් වඩාත් කල්පනාකාරී වන්න. වැඩිහිටි උපදෙස් වලට ගරු කළයුතු දිනයකි. ආවේගය පාලනය කරගන්න. ඉවසීම ඔබට ශාන්තියක් වනු ඇත.
ජය වර්ණය: ලා නිල් පැහැය                                                          ජය අංකය: 07

 

 

කුම්භ ලග්නය

කාර්යබහුල වන දිනයක් විය හැකිය. ආදායම් තත්වය නම් යහපත් වන දිනයකි. පිරිස් බලයද නොමදව පවතින දිනයකි. තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කළයුතු දිනයකි. වචන භාවිතයේදීද වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. ඔබේ කාරුණික බව හා දෙමව්පියන්ගේ ආශිර්වාදය තුල දිනය වඩාත් යහපත් කරගැනීමේ හැකියාව පවතින දිනයකි.
ජය වර්ණය: ලා නිල් පැහැය                                                        ජය අංකය: 01

 

මීන ලග්නය

සමාජ සේවා කටයුතු වලට වැඩි නැඹුරුවක් පෙන්වන දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු සම්බන්ධව ඔබට වෙනදට වඩා සුභ වන දිනයකි. වැඩිහිටි උපදෙස් අනුව දුරදක්නා නුවණින් යුතුව කල්පනාකාරීව දිනය ගත කිරීම වඩාත් යහපත්. රැකියා වෙනස්වීම් අපේක්ෂා කළහැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය                                                   ජය අංකය: 02
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී වයි. එම්. කේ. යාපා බණ්ඩාර 
දුරකථන: 0777 44 86 44 


News Articles
Latest Videos
Most Popular Post