වෙසක් සතියේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 3,000ක් යොදවා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කලේ කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල පැවැත්වෙන වෙසක් කලාප, තොරණ ආශ‍්‍රිත ප‍්‍රදේශ සදහා මෙම නිළධාරීන් යොදවා ඇති බවයි.
වෙසක් සිරි නැරඹීම සදහා කොළඹට පැමිණෙන බැතිමතුන් වෙනුවන්විශේෂ දුම්රිය සේවා අදත් ක‍්‍රියාත්මකයි. දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා කියා සිටියේ විශේෂ දුම්රිය ගමන් වාර අද සිට ලබන 30 වනදා දක්වා ක‍්‍රියාත්මක බවයි.
කොළඹට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් අතිරේක බස් රථ 100කට ආසන්න ප‍්‍රමාණයක් යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමානය්‍යාධිකාරී පී.එච්.ආර්.පී චන්ද්‍රසිරි මහතා කියා සිටියා.
මේ අතර, වෙසක් පොහොය නිමිත්තෙන් අද සහ හෙට දෙදින දිවයිනේ පිහිටි සියලූ ම සුරාසැල් වසා තැබෙනවා. සුපිරි වෙළඳසැල්වල මත්පැන් අලෙවිය නැවැත්වීමටත්, සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමටත්, මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, කටයුතු කරන ලෙසයි රජය දැනුම් දී ඇත්තේ.
පසුගිය 26 වනදා සිට මැයි මස 02 වන දින දක්වා කාලය වෙසක් සතිය වශයෙන් රජය විසින් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා