News Line| Off Air
Generic placeholder image

Apr
29

රුපියල් 7,500 න් හදපු මුල්ම තොටළඟ තොරණ ගැන, එහි නිර්මාතෘවරයාගේ පුතා කියන කතාව මෙන්න.

1422 Views


රුපියල් 7,500 න් හදපු මුල්ම තොටළඟ තොරණ ගැන, එහි නිර්මාතෘවරයාගේ පුතා කියන කතාව මෙන්න.

ශ්‍රී ලංකාවේ පැරණිතම තොරණ ලෙස සැලකෙන තොටළඟ තොරණ මෙවරත් වෙසක්‌ පුන් පොහොය යෙදෙනඅප්‍රේල් 29 වැනිදා සිට පුරා දින 10 ක්‌ මහජනතාවට නැරඹීමේ භාග්‍ය උදාවී තිබේ. තොරණ මෙවර ප්‍රදර්ශනය කෙරෙන්නේ 63 වැනි වරටය. මෙම තොටළඟ තොරණ මුලින්ම 1955 දී ප්‍රදර්ශනය කර තිබේ. ඒ තොරණේ නිර්මාතෘවරයා වූයේ එච්. ඒ. විල්බට්‌ පෙරේරා (විල්බට්‌ සිංඤෝ) මහතායි. එම තොරණ සඳහා එදා ඒ මහතා රුපියල් 7,500 ක්‌ වැයකර තිබිණි. එදා තොරණින් ප්‍රදර්ශනය කෙරුණේ මහා භද්‍ර කල්ප ජාතක කතා පුවතයි.

එවකට තොරණේ චිත්‍ර ශිල්පියා හට විල්බට්‌ මහතා රුපියල් 2,500 ක්‌ ලබාදී තිබේ.

මෙම තොරණ ගැන වැඩිදුර තොරතුරු කියන්නට තොරණේ නිර්මාතෘ විල්බට්‌ සිංඤෝ මහතාගේ පුතා වන එම්. ඒ. අනුර පෙරේරා මහතා අපි ඊයේ (27 වැනිදා) හමු වුණෙමු.

මුල් කාලයේ තාත්තා මේ තොරණට මුදල් වැය කළේ තමන්ගේ පෞද්ගලික මුදල්. එදා තාත්තට හොඳට මුදල් තිබුණා. ඉතිං තාත්තා බය නැතිව තොරණ සඳහා වියහියදම් කළා.

අද තාත්තා ජීවතුන් අතර නැති වුණත් මේ තොරණ ප්‍රදර්ශනය කරන හැම වෙලාවෙම අපිට තාත්තාගේ සුවඳ දැනෙනවා. තාත්තා වගේම මෑණියන් වන රානි විමලා පෙරේරා මහත්මියවත් නැසීගිය සහෝදර පිරිසගේ ගුණ සිහිපත් කරමින් තමයි මේ තොරණ ප්‍රදර්ශනය කරන්නේ.

එදා මෙදාතුර මේ තොරණ 63 වතාවක්‌ මහනජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය කර තිබෙනවා.

මුල්ම තොරණ තුළින් මහා භද්‍රකල්පය ජාතක කතා වස්‌තුව ප්‍රදර්ශනය කෙරුණා. එදා තොරණේ උස අඩි අසූපහකි. විදුලි බුබුළු 35,000 කින් තොරණ ආලෝකවත් කෙරුණා. එදා මේ තොරණේ විදුලි ආලෝක ශිල්පියා වුණේ ආරියදාස මහත්මයා.

එදා මෙදා තුර මේ තොරණ බලන්න ලංකාවේ හතර දිග් භාගයෙන්ම ජනතාව ඇදි එනවා. මට හරි සතුටුයි. තාත්තාගේත් අම්මාගේත් සහෝදර පිරිසගේත් එදා මේ තොරතුරු වෙනුවෙන් මහත් සේ කැපවූ අද ජීවතුන් අතර නැති පිරිස්‌වලට ගුණ සිහිකරමින් අදටත් මේ තොරණ ප්‍රදර්ශනය කිරීම ගැන මා තුළ තියෙන්නේ කිව නොහැකි තරම් සතුටක්‌.

දැන් මේ වෙසක්‌ පෝය දවසේ 29 වැනිදා ඉඳන් ප්‍රදර්ශනය කරන තොටළඟ තොරණේ උස අඩි 60කි. පළල අඩි 60 කි. විදුලි බුබුළු 35,000 කට අධික ප්‍රමාණයකින් තොරණ ආලෝකවත් වෙනවා. තොටළඟ තොරණ බලන්න මේ සැරෙත් විශාල ජනකායක්‌ ඇදි එයි කියලා හිතනවා.

උපුටාගැනීම – ඉරිදා දිවයින


News Articles
Latest Videos
Most Popular Post