වෙසක් සිරි නරඹන්න අද විශාල පිරිසක් කොළඹට එනවා. පිට පළාත්වල ගොඩක් අය කොළඹට එන්නේ වාහන වලින්. එහෙම වාහන වලින් කොළඹට එන අයට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි වාහන Park කරන්න හරි තැනක් නැති එක. ඒ නිසා පොලිසිය වාහන Park කරන්න ස්ථාන කිහිපයක් වෙන් කරලා තියෙනවා.
කොම්පඤ්ඤ වීදියේ වොක්ෂෝල් වීදිය, යුනියන් පෙදෙස, ස්ටැපල් පාර සහ මුත්තායියා පාර ප්‍රදේශය වාහන Park කරන්න වෙන් කරලා තියෙනවා. කුරුඳුවත්ත ප්‍රදේශයේ ආනන්ද කුමාරස්වාමි මාවත, මාකස් ප්‍රනාන්දු මාවත, මලලසේකර මාවත, ලොන්ඩර් පෙදෙස, නගරසභා රථ ගාල, ශ්‍රී ලංකා පදනම් ආයතන පාර , රථ වාහන නවතා තැබීමට වෙන්කර තියෙනවා.
කොල්ලුපිටිය ප්‍රදේශයේ මුහුදු මාවත, කොටුව ප්‍රදේශයේ ගාලුමුවදොර රථ නැවතුම් ස්ථාන, චැතැම් වීදිය, ආදිපාද වීදිය, ශ්‍රීමත් රාසික් ෆරීඩ් මාවත, ලෝටස් පාර , පිටකොටුව ප්‍රදේශයේ මැලිබන් වීදිය , කුමාරවීදිය සහ කේසර් විදිය රථවාහන ගාල් කිරීම සඳහා වෙන්කරලා තියෙනවා කියලයි පොලීසිය සඳහන් කරේ.
ඊට අමතරව බොරැල්ල සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ඇතැම් ස්ථාන වෙසක් සිරි නැරඹීමට කොළඹට පැමිණෙන ජනතාවගේ රථවාහන නවතා තැබීම සදහා වෙන්කර තියෙනවා.