News Line| Off Air
Generic placeholder image

Apr
30

හෙළ සිනමාවේ රිදී රේඛාව නිවී යයි.

681 Views


හෙළ සිනමාවේ රිදී රේඛාව නිවී යයි.

හෙළයේ මහා සිනමාවේදියා, ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා ඊයේ ජිවිත සිනමාවෙන් සමුගත්තා. ඒ රෝගී තත්වයක් නිසා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියදී. මිය යන විට එතුමා අවුරුදු 99 ක් ආයු වළඳා තිබුණා.මිය යන විට එතුමා ලොව වයස්ගතම සිනමාවේදියා ලෙස සැලකුම් ලැබුවා.

සිංහල සිනමාවට මහා නිධානයක් වූ එතුමා උපත ලබන්නේ 1919 අප්‍රේල් 5 වෙනිදා කොළඹදී. කොළඹ ශාන්ත පීතර විද්‍යාලයෙන් අකුරු කල එතුමා අවුරුදු 17 දී මාධ්‍යවේදියෙක් විදියට වෘත්තීය ජීවිතය අරඹනවා.

චිත්‍රාගාර තුල සිදුකල සිනමාව වෙනස් කරමින් බාහිර පරිසරයට කැමරාව ගෙනියන්න එතුමා සමත් වෙනවා. ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා කල ඒ විප්ලවීය වෙනස සිංහල සිනමාවේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ කළා. දකුණු ඉන්දීය හුරුවක් තිබ්බ ලංකාවේ සිනමාවට දේශීය හැඩයක් දෙන්න එතුමා සමුත් වුණා.

රේඛාව චිත්‍රපටියෙන් සිංහල සිනමාවේ ලොකු වෙනසක් එතුමා ඇති කළා. ගම්පෙරලිය, දෙලොවක් අතර, ගොළු හදවත, නිධානය, මඩොල්දූව, අහසින් පොළවට, බැද්දෙගම, යුගාන්තය සහ වෑකන්ද වලව්ව එතුමාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුන නිර්මාණ කිහිපයක්.

2006 වසරේදී නිර්මාණය වූ අම්මාවරුනේ චිත්‍රපටය ලෙස්ටර් ජේමිස් මහතා අධ්‍යක්ෂණය කල අවසන් චිත්‍රපටයයි.


News Articles
Latest Videos
Most Popular Post