News Line| Off Air
Generic placeholder image

Apr
30

කෝලිගේ සුපිරි ඉනිම කාර්තික් කුණු කූඩයට දමයි.

1310 Views


කෝලිගේ සුපිරි ඉනිම කාර්තික් කුණු කූඩයට දමයි.

IPL තරඟාවලියේ 29 වන තරඟය ඊයේ පැවැත්වුනා. ඒ Royal Challengers Bangalore සහ Kolkata Knight Riders අතර. කාසියේ වාසිය දිනා ගත්ත කාර්තික් මුලින්ම පන්දුවට පහර දෙන්න කෝලිට ආරාධනා කරා.

දි කොක් ලකුණු 29 ක් ලබා ගත්තා. මැකලම් ලකුණු 38 යි. සුපිරි ඉනිමක් ක්‍රීඩා කල නායක කෝලි නොදැවී ලකුණු 68 ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට 4 පහර 5 ක් සහ 6 පහර 3 ක් ඇතුලත් වුණා. මන්දීප් සිං ලකුණු 19 යි. ඇන්ඩෘ රසෙල් කඩුලු 3 ක් දවා ගත්තා. පන්දුවාර 20 අවසන් වෙද්දී RCB කණ්ඩායමට ලබා ගන්න පුළුවන් වුණේ ලකුණු 175 ක් විතරයි.

KKR කණ්ඩායමට ලකුණු 176 ක් ඉලක්කයක් ලැබුණා. පන්දු 4 ක් ඉතිරි වෙද්දී ඔවුන් පහසුවෙන් ජයග්‍රහනය් ලබා ගත්තා. සුනිල් නරයින් ලකුණු 27 යි. රොබින් උත්තප්පා වේගවත් ලකුණු 36 ක් රැස් කරා. ඒ 4 පහර 3 ක් සහ 6 පහර 3 ක් එක්ක. දිනේෂ් කාර්තික් ලකුණු ලකුණු 23 යි. කණ්ඩායම ජයග්‍රහණයට කැඳවාගෙන ගිය ක්‍රිස් ලයින් නොදැවී ලකුණු 52 යි.

මොහොමඩ් සිරාජ් සහ අශ්වින් කඩුලු 2 බැගින් දවා ගත්තා. ජයග්‍රහණයට KKR කණ්ඩායමට වැය වුනේ කඩුලු 4 ක් විතරයි. තරඟයේ වීරයා ක්‍රිස් ලයින්.


News Articles
Latest Videos
Most Popular Post