News Line| Off Air
Generic placeholder image

May
1

අකිල, මංගල ඇමතිකම් එපා කියලා. එජාපයට සමෘද්ධි ඉල්ලලා. කැබිනට් සංශෝධනය පමා කල හේතු මෙන්න. – Exclusive

2102 Views


අකිල, මංගල ඇමතිකම් එපා කියලා. එජාපයට සමෘද්ධි ඉල්ලලා. කැබිනට් සංශෝධනය පමා කල හේතු මෙන්න. – Exclusive

වත්මන් ආණ්ඩුවේ 4 වන කැබිනට් සංශෝධනයත් අද සිද්ධ වුණා. කොහොම වුනත් අද තිබ්බ කැබිනට් සශෝධනය වෙන්න තිබ්බේ මිට දවස් කිහිපයකට කලින්. කැබිනට් සංශෝධනය කල් යන්න වගේම තිරය පිටුපස සිදුවුන සිදුවීම් කිහිපයක් සියත 24 වෙත ආරංචි වුණා.

කැබිනට් සංශෝධනය කල් යන්න ප්‍රධානම හේතුව තමයි සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යංශය. කලින් මේ අමාත්‍යංශය හිමිවෙලා තිබ්බේ ලංකා නිදහස් පක්ෂයට. හැබැයි මේ සැරේ ඒ අමාත්‍යංශය එජාපයට ඕන කිව්වා. ඒ ගැන තීරණයකට එන්න තමයි කැබිනට් සංශෝධනය කල් ගියේ. තීරණය වුනේ එජාපයට සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යංශය ලබා දෙන්න. ඒ වෙනුවට ශ්‍රීලනිප වුන අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශ ශ්‍රිලනිපයේම තියා ගන්න.

ඒ වගේම අකිල විරාජ් කාරියවසම් මහතා තමන්ගේ අමත්‍යංශ දෙකෙන් එකක් ඉවත් කරන්න කියලා ඉල්ලා සිටියා. එකට හේතුව වුනේ එජාපයේ මහලේකම් ධූරය එක්ක එතුමාට වැඩ රාජකාරි අධිකවීම. ඒ නිසා අකිල අමාත්‍යවරයාට හිමිව තිබු අධ්‍යාපන සහ සංස්කෘතික අමාත්‍යංශයෙන් සංස්කෘතික අමාත්‍යංශය ඉවත් කරා. ඒ නිසා සංස්කෘතික අමාත්‍යංශය ලබා දුන්නේ අලුතෙන් ඇමතිකමක් ලැබුන විජේදාස රාජපක්ෂ මහතාට.

මංගල සමරවීර අමාත්‍යවරයාත් ජනමාධ්‍ය අමාත්‍යංශය වෙන කාටහරි දෙන්න කියලා ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් ඉල්ලුවා. හැබැයි ඒකට නම් ජනාධිපතිතුමයි අගමැතිතුමයි කැමති වුනේ නෑ. වත්මන් ආණ්ඩුවේ ඉලක්කය 2020 නිසා ආණ්ඩුවේ කාර්යභාරය ජනතාවට ගෙනියන්න ඕන කියලා ජනාධිපතිතුමා සඳහන් කරා. එකට හරි යන්නේ මංගල ඇමතිතුමා තමයි කියලයි ජනාධිපතිවරයා කිව්වේ. ඒ නිසා ජනමාධ්‍ය අමාත්‍යංශයත් තියා ගණන් මංගල සමරවීර මහතා කැමති වුණා.


News Articles
Latest Videos
Most Popular Post