News Line| Off Air
Generic placeholder image

May
2

Facebook එකේ අඬන තනිකඩයන්ට සකර්බර්ගෙන් මංගල යෝජනා. ගණන් උස්සන තරුණියන්ට වැඩ වරදි.

1488 Views


Facebook එකේ අඬන තනිකඩයන්ට සකර්බර්ගෙන් මංගල යෝජනා. ගණන් උස්සන තරුණියන්ට වැඩ වරදි.

Facebook එකට ගියෝතින් වැඩියෙන්ම දකින්න ලැබෙන දෙයක් තමයි තනිකදයි කියලා දාපු Post. ගොඩක් අයගේ profile වලට ගිහින් බැලුවත් Relationship වලට දාලා තියෙන්නේ Single කියලා.

ඊයේ තිබ්බ වාර්ෂික Facebook සම්මන්ත්‍රණයේදී සකර්බර්ග් මේ ගැන කතා කරා. ඔහු කියන විදියට Facebook එකේ ඉන්න මිලියන 200 ක් විතර තනිකඩයින්. ඒ නිසා ඔවුන්ට විවාහ යෝජනා ගෙන්න සකර්බර්ග් තීරණය කරලා. Facebook හරහා “මංගල යෝජනා සේවාවක්” ආරම්භ කරන්න සූදානම් වෙනවා.

ලෝකය වටේම ඉන්න තනිකඩයන්ට මේ හරහා සහකාරියක් හොයා ගන්න පුළුවන්. අලුතෙන් එන Facebook මෘදුකාංගයේ ඉහළ දකුණු කෙලවරේ හදවත හැඩයක සමාන icon එකක් තියෙනවා. ඒක Click කරලා මංගල යෝජනා සේවයට එක් වෙන්න පුළුවන්. මංගල සේවාවට සම්බන්ධ වෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කරන්නත් ක්‍රමයක් හඳුන්වා දෙනවා.

ඒ වගේම Instagram වල Video Call පහසුකම ලබා දෙනවා කියලත් සකර්බර්ග් කිව්වා. දැනට Video Call පහසුකම තියෙන WhatsApp වලට Group Video Call ගන්නත් පහසුකම් සලසන්න නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post