පහුගිය වසරේ IPL ශූරයන්ට මෙවර තරඟාවලියේ අවසන් පූර්ව තරඟයත් අහිමි වෙලා තියෙනවා. ඒ ඊයේ තිබ්බ Royal Challengers Bangalore එක්ක තිබ්බ තරඟයෙන් ලැබුන පරාජයත් එක්ක.
මුලින්ම පන්දුවට පහර දුන්න RCB කණ්ඩායම ලකුණු 167 ක් ලබා ගත්තා. මනන් වොරා ලකුණු 45 යි. මැක්ලම් ලකුණු 37 යි. නායක කෝලි ලකුණු 32 ක් ලබා ගත්තා. අවසන් පන්දුවාරයේ පිට පිට 6 පහර 3 ක් එල්ල කල කොලින් නොදැවී ලකුණු 23 යි. හාර්තික් පාණ්ඩ්‍යා කඩුලු 3 ක් ලබා ගත්තා. RCB කණ්ඩායමේ කඩුලු 7 ක් බිඳ වැටුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල මුම්බායි පිලේ පළවෙනි කඩුලු 3 ලකුණු 21 ක් වෙද්දී බිද වැටුණා. ඩුමිනි ලකුණු 23 යි. මුම්බායි ඉනිම ගොඩ ගන්න තනිවම සටන් කළ හාර්තික් පාණ්ඩ්‍යා ලකුණු 50 ක් රැස් කරා. කෘනල් පාණ්ඩ්‍යා ලකුණු 23 යි. සවුති, යාදව් සහ සිරාජ් කඩුලු 2 බැගින් ලබා ගත්තා.
පන්දුවාර 20 අවසානයේ මුම්බායි පිලට ලබා ගන්න පුළුවන් වුනේ ලකුණු 153 ක් විතරයි. ඒ කඩුලු 7 ක් දැවී. තරඟයේ වීරයා ටිම් සවුති.