News Line| Off Air
Generic placeholder image

May
2

“මාලිංග ක්‍රිකට් ක්‍රීඩකයෙක් දැයි මට සැකයි. මම තමයි හොඳම සුදුස්සා.” – තිලංග කියයි.

2890 Views


“මාලිංග ක්‍රිකට් ක්‍රීඩකයෙක් දැයි මට සැකයි. මම තමයි හොඳම සුදුස්සා.” – තිලංග කියයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ආයෙත් සැරයක් කල් ගියා. ඒ අලුත් ක්‍රීඩා අමාත්‍යවරයා නිලවරණ කමිටුව නිත්‍යානුකූල නෑ කියපු නිසා. මේ ගැන ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ඊයේ අදහස් දැක්වුවා.

ආයෙත් නිලවරණ කමිටුවක් පත් කරන්න ඇමතිවරයාගේ අනුමැතිය ඉල්ලුවා කියලා තිලංග මහතා සඳහන් කරා. ඇමතිවරයාගේ අනුමැතියෙන් ලබන 19 වෙනිදා විශේෂ මහා සභාවක් කැඳවලා නිලවරණ කමිටුවක් පත් කරනවා කියලයි එතුමා කිව්වේ. ඒ වගේම මේ මාසේ 31 වෙනිදා මහා සභාවක් පවත්වලා ක්‍රිකට් නිලවරණයට දින නියම කර ගන්නත් අපේක්ෂා කරනවා කියලා දුරටත් සඳහන් කරා.

පහුගිය දවස් කිහිපයේ තිලංග මහතාට එර්ල්ල වුන චෝදනා ගැනත් ඔහු කතා කරා. “මට මුලින්ම පත්තරයක් තිබ්බේ 1986 රැජින පත්තරය. ඊට පස්සේ 1994/1995 කාලයේ ලක්බිම පටන් ගත්තා. නමුත් ක්‍රිකට් වලට එනවිට මම ඒ සියල්ල අතහැරලයි කතා කරේ.”

ක්‍රීඩා භාණ්ඩ අලෙවිය සහ බුකි ව්‍යාපාරය ගැනත් ඔහුට ලොකු චෝදනාවක් තියෙනවා. “හැමෝම දන්නවා මගේ තාත්තට බුකි තිබුණ බව. එක තාත්තාට තිබ්බ ව්‍යාපාරයක්. ක්‍රීඩා භාණ්ඩ අලෙවි කරනවා කියලත් චෝදනාවක් තියෙනවා. මගේ බිරිඳගේ නමට අවුරුදු 4 කට කලින් ඒ සමගම තිබ්බේ. ඒ සමාගමත් දැන් නෑ.” කියලයි ඔහු ඒ ප්‍රශ්නයට උත්තර දුන්නේ.

ඒ වගේම ලසිත් මාලිංග ගැනත් තිලංග මෙහිදී අදහස් දැක්වුවා. ඔහු කිව්වේ මාලිංග ගහන්නේ මොනවගේ ක්‍රිකට් දැයි ප්‍රශ්නයක් බවයි. ඒ වගේම ඊළඟ තරඟාවලියට තෝරා ගන්න නම් අන්තර් පළාත් එක්දින තරඟාවලියට ක්‍රීඩා කරන්න ඕන කියලත් කිව්වා. මේ තියෙන්නේ තිලංග මාලිංග ගැන අදහස් දැක්වුව Video ව.

දර්ශන අනුග්‍රහය ThePapare


News Articles
Latest Videos
Most Popular Post