Facebook සහ WhatsApp කියන්නේ හරියට කිරි පැණියි වගේ. 2014 දී WhatsApp නිර්මාණය කරපු බ්‍රයන් ඇක්ෂන් සහ ජෑන් කොම් WhatsApp ජාලය Facebook සමාගමට විකුණුවා. ඒ ඩොලර් බිලියන 19 කට.
WhatsApp සම නිර්මාතෘ වගේම ප්‍රධාන විධායක නිලධාරී ජෑන් කොම් එම තනතුරින් ඉල්ලා අස්වුණා. ඒ Facebook සමාගම එක්ක ඇති කර ගත්ත රණ්ඩුවක් නිසා.
WhatsApp සමාගම විකුණද්දී Facebook සමාගමට දැඩි කොන්දේසි පැනෙව්වා. ඒ WhatsApp භාවිතා කරන අයගේ තොරතුරු අනිත් අයට දෙන්න එපා කියලා.කොහොම වුනත් පහුගිය දවස්වල Facebook සමාගම තමන් සතු තොරතුරු වෙනත් පාර්ශව වලට දුන්නා කියලා චෝදනා එල්ල වුණා. ඒ නිසා තමයි ජෑන් කොම් සහ Facebook සමාගමත් එක්ක ගැටුමක් ඇති කර ගත්තේ.