T20 කියන නමත් එක්ක කියවෙන තවත් නමක් තමයි ක්‍රිස් ගේල් කියන්නේ. T20 ඉතිහාසයේ දැවැන්තම ප්‍රහාරකයා ඔහුයි. ඒ වගේම IPL ඉතිහාසයේ පෙරළිකාරම පිතිකරුවාත් ක්‍රිස් ගේල්.
ගේල් අවුරුදු 07 ක් එක දිගට Royal Challenge Bangalore කණ්ඩායමට ක්‍රීඩා කළා. හැබැයි මෙවර IPL වෙන්දේසියේදී ක්‍රිස් ගේල්ව RCB කණ්ඩායම මිලදී ගත්තේ නෑ. ඒ වෙනුවට Kings XI Punjab කණ්ඩායම තමයි ගේල්ව අරගත්තේ. තමන්ට RCB කණ්ඩායම කරපු අසාධාරණය ගැන ගේල් ඊයේ කතා කරා.
“ඒගොල්ලෝ මට දුරකතනයෙන් කතා කරලා කිව්වා මේ අවුරුද්දේ මාව ඕන කියලා. මාත් ඒකට හා කිව්වා. ඒත් ආයෙත් මට ඒ ගොල්ලෝ කතා කරේ නෑ. මාව ඕන නෑ වගේ හිටියා.’ කියලයි ගේල් කිව්වේ. “මම තමයි ඒගොල්ලන්ගේ වටිනාම ලන්සුව. ඒක ඒ විදියට ඉවර වුණ ඒක ගැනයි මට තියෙන දුක.” කියලා ගේල් වැඩි දුරටත් පැවසුවා.
කොහොම වුනත් KXIB කණ්ඩායම එක්ක ගෙවන වර්තමානය ගැන තමන් සතුටු වෙනවා කියලා ගෙල කිව්වා. ගිය අවුරුද්දේ RCB කණ්ඩායමට ක්‍රීඩා කරද්දී ගේල්ට තරඟ 9 කදී ලබා ගන්න පුළුවන් වුනේ ලකුණු 200 ක් විතරයි. හැබැයි මේ තරඟාවලියේදී ඔහු තරඟ 4 කදී ලකුණු 252 ක් ලබා ගෙන තියෙනවා. ඊට ශතකයකුත් ඇතුලත්. මෙවර IPL තරඟාවලියේ හොඳම සාමාන්‍යයක් හිමි පිතිකරුවත් ක්‍රිස් ගේල්.