News Line| Off Air
Generic placeholder image

May
2

වෙසක් දවසේ නළා පිඹ පිඹ යකා නටන තරුණයන් අතර, කැත වුන කොළඹ ලස්සන කරපු තරුණ තරුණියන්. – Photo

2670 Views


වෙසක් දවසේ නළා පිඹ පිඹ යකා නටන තරුණයන් අතර, කැත වුන කොළඹ ලස්සන කරපු තරුණ තරුණියන්. – Photo

වෙසක් දවසට ගොඩක් තරුණ තරුණියන් දන්සල් වඳින්න, වෙසක් අසිරිය බලන්න රට වට යනවා. එහෙම යන ගමන් දන්සැල්වල කෝප්ප, පොලිතීන් බෑග් තැන තැන දාලා පරිසරය අපිරිසිඳු කරනවා.

බහුතරයක් එහෙම කරද්දී වෙසක් දවසේ හැමෝටම ආදර්ශනයක් වෙන වැඩක් කල පිරිසක් අපිට හම්බුනා. “youth of hope” (බලාපොරොත්තුවේ තාරුණ්‍ය) සංවිධානය මගින් පහුගිය දවස් 4 පුරාම බුද්ධ රශ්මි වෙසක් කලාපයේ පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පැවැත්වුවා. ඒ වගේම වෙසක් කලාපයට එන අයට පරිසරය රැක ගැනීම හා අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීම පිලිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පැවැත්වුවා.

අරලියගහ මන්දිරයේ පවත්වන සර්වඥ ධාතුන් ප්‍රදර්ශනයේදී ධාතුන් වහන්සේලා වැදපුදා ගැනීමට පැමිනෙන බැතිමතුන් වෙනුවෙන් මල් දන්සැලකුත් පවත්වන්න මේ තරුණ පිරිස කටයුතු කරා.


News Articles
Latest Videos
Most Popular Post