News Line| Off Air
Generic placeholder image

May
3

විසි කරන ප්ලාස්ටික් බෝතල් වලින් හදපු රුවන්වැලි සෑයේ අනුරුව. – Photo

775 Views


විසි කරන ප්ලාස්ටික් බෝතල් වලින් හදපු රුවන්වැලි සෑයේ අනුරුව. – Photo

වෙසක් සතියත් ඊයෙන් අවසන් වුණා. මෙවරත් ඉතාම උත්කෂවත් අන්දමින් රට පුරාම වෙසක් සතිය සැමරුවා. රට පුරා පැවැත්වුන වෙසක් කලාප වල විවිධ වෙසක් කූඩු නිර්මාණය කරලා තිබ්බා. ඒවා හදන්න විවිධ අමුද්‍රව්‍ය භාවිතා කරලා තිබුණා.

මේ අතරේ සරත් වීරකෝන් මහතා වෙනස්ම විදියේ නිර්මාණයක් කරලා තිබ්බා. ඔහු ඉවතලා ප්ලාස්ටික් බෝතල් වලින් රුවන්වැලි මහා සෑයේ අනුරුවක් නිර්මාණය කරලා තිබ්බා. පුත්තලම පිටවට රවුම් මාර්ගයේ කිරිවැව ප්‍රදේශයේ තමයි මේ නිර්මාණය තිබ්බේ.

ප්‍රදේශවාසීන් සහය ඇතිව කුඩා කම්බි , කුකුල් දැල් භාවිතා කරමින් ප්ලාස්ටික් බෝතල් 3500 – 4000 පමණ මේ නිර්මාණයට යොදා ගෙන තිබ්බා. මේ නිර්මාණයේ උස අඩි 12 ½ වන අතර වට අඩි 19 පමණ වෙනවා.

ඡායාරූප ලංකාදීප පුවත්පතෙන්


News Articles
Latest Videos
Most Popular Post