News Line| Off Air
Generic placeholder image

May
3

ඇහුවම ඇඟ හිරිවැටෙන ලෝකයේ භයානකම පරීක්ෂණ මෙන්න.

1128 Views


ඇහුවම ඇඟ හිරිවැටෙන ලෝකයේ භයානකම පරීක්ෂණ මෙන්න.

පරීක්ෂණ කියන්නේ මිනිස් සංහතියේ සහ මුළු ලෝකයේම යහපත වෙනුවෙන් කරන දෙයක්. හැබැයි සමහර පරීක්ෂණ තියෙනවා ලාභ ප්‍රයෝජන විතරක් බලාගෙන කරන දේවල්. ඒ වගේම ලෝක යුද්ධ කාල වලදී ඉතා දරුණු පරීක්ෂණ කරා. මේ කියන්න යන යන්නේ ලෝකයේ මෙතෙක් සිදු වුන භිහිසුනුම පරීක්ෂණ කිහිපයක් ගැන.

01. Project MKUltra
මෙය මනස පාලනය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ CIA ඔත්තු සේවය විසින් සිදු කරන ලද රහසිගත පර්යේෂණයකි. 1950දී මෙය ආරම්භ කර ඇති අතර 1966 වසර දක්වා මෙය සිදු කොට ඇති බව කියැවේ. මෙහිදී සිදු කොට තිබෙන්නේ අධික්‍රියාකාරී මත්ද්‍රව්‍ය පරීක්ෂණ සඳහා යොදා ගත් පුද්ගලයන්ට ලබාදෙමින් ඔවුන් විවිධ ක්‍රියාකාරකම්වලට සහ වධ හිංසාවලට පමුණුවා ඉවසීම හා මනසේ හැසිරීම පරික්ෂා කිරීමයි. එහි අරමුණ වී තිබෙන්නේ රසායනික අවි නිපදවීමක් හා සෝවියට් හමුදාව සමග සටන් කළ හැකි මනස ශක්තිමත් සෙබළුන් නිර්මාණය කිරීමයි.

02. Tuskegee Syphilis project
මෙයද ඇමෙරිකානු රජය විසින් කළ පරීක්ෂණයකි. 1932 හා 1972 අතර කාලයේදී අප්‍රිකානු ජාතික ඇමරිකානුවන් යොදා ගනිමින් උපදංශය සඳහා ප්‍රතිකාරයක් සොයාගැනීමට කළ පරීක්ෂණයකි. මේ සඳහා යොදාගත් රෝගීන්ට ප්‍රතිකාර ලබා නොදී රෝගය ශරීරයේ පැතිරී යන ආකාරය අධ්‍යනය කිරීමට වෛද්‍යවරුන් කටයුතු කර තිබේ. එහිදී උපදංශය නිසාම පුද්ගලයන් 28 දෙනෙකු මියගොස් තිබේ. අතුරු ආබාධ නිසා 100ක් පමණ මියගොස් තිබේ. පරීක්ෂණයේ සාර්ථක අසාර්ථකභාවය පිළිබඳව සඳහනක් නොමැත.

03. Guatemalan STD study
ඇමෙරිකානු රජය විසින් කරන ලද මෙම ඉතාමත් අමානුෂික හා නින්දිත පරීක්ෂණය 1945ත් 1956ත් අතර කාලයේදී සිදුකර තිබේ. ඒ සඳහා ගෝතමාලාවේ මිනිසුන් 1500ක් පමණ යොදාගෙන ඇත. ඒ අතර සිරකරුවන්, අනාථයන්, ගණිකාවන්, යුද සිරකරුවන් සිට ඇත. මෙහිදී ගොනෝරියාව සහ උපදංශය වැලඳුණු ගණිකාවන් සිරකරුවන් සමග සම්බන්ධ කර ඔවුන්ට එම රෝග වැලඳීමට ඉඩ හැර රෝග සම්ප්‍රේෂණය වූ පුද්ගලයන් විවිධ පරීක්ෂණ සඳහා යොදාගෙන තිබේ.

04. Aversion Project
මෙය අතිශය වේදනාකාරී වධ හිංසා කරමින් දකුණු අප්‍රිකාවේ සිදුකරන ලද වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණයකි. 1971ත් 1989ත් අතර කාලයේදී 900දෙනෙක් යොදාගෙන මෙය සිදුකර තිබේ. මෙම පරීක්ෂණය සිදුකර තිබෙන්නේ සමලිංගිකත්වයට ඇබ්බැහිවූවන් ඉන් වැළැක්වීමට ප්‍රතිකාරයක් සොයාගැනීම සඳහා බව කියවේ. මෙහිදී සිදුකර තිබෙන්නේ අධිසැර විදුලි කම්පන සහ රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් පුද්ගල මනස වෙනස් කිරීමට උත්සාහ කිරීමයි. මෙහි මූලිකත්වය ගෙන කටයුතු කළ ප්‍රධාන වෛද්‍ය විශේෂඥවරයා වූ ආබ්‍රේ ලෙවින් පසුකාලීනව මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා මත සිරගත කර තිබේ.

05. Unit 731
දෙවන ලෝක යුද සමයේ ජපාන හමුදාව විසින් සිදු කළ රහසිගත පරීක්ෂණයකි. ගැහැනුන් පිරිමින් හා කුඩා දරුවන් දෙලක්ෂ පනස්දහසක් මේ සඳහා යොදාගෙන තිබේ. ඉන් බහුතරයක් චීන සහ රුසියානු සිරකරුවෝ වූහ. ජෙනරල් ශිරෝ ඉෂී මෙම පරීක්ෂණවල මූලිකත්වය ගෙන ඇත. හිරිවැට්ටවීමකින් හෝ සිහිනැති කිරීමකින් තොරව ශරීර කොටස් කපා දැමීම, ඇතැම් ඉන්ද්‍රියන් සහ අවයව ඉවත් කිරීම, රසායනික ද්‍රව්‍ය එන්නත් කිරීම, බෝම්බ අත්හදා බැලීම් සඳහා යොදා ගැනීම වැනි අතිශය කෲරතර පරීක්ෂණ මෙහිදී සිදුකර තිබේ.

06. Nazi Concentration Camp Experiments
මෙය දෙවන ලෝක යුද සමයේ නාසි හමුදා විසින් මානුෂිකත්වය පිළිබඳ කිසිදු තැකීමක් නොකරමින් සිදු කරන ලද පරීක්ෂණ ගොන්නකි. රසායනික අවි නිෂ්පාදනය සම්බන්ධයෙන් සහ ඒවායේ සාර්ථකත්වය පිළිබඳව සිරකරුවන් යොදා ගනිමින් මෙම පරීක්ෂණ සිදු කර තිබේ. බලහත්කාරයෙන් විෂ වායු හා විෂ රසායන ශරීර ගත කිරීම, අවයව කපාදැමීම වැනි අති අමානුෂික දේ මෙහිදී සිදුකොට තිබේ. මෙම පරීක්ෂණවල ප්‍රධානියා ලෙස කටයුතු කර තිබෙන්නේ හිට්ලර්ගේ සමීපතමයෙකු මෙන්ම “යක්ෂ විද්‍යාඥයා” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ ජෝසප් මැන්ගලෙන්ය.

07. Russian Sleep Experiment
1940 වසරේදී සිරකරුවන් 5 දෙනෙකු යොදාගනිමින් සෝවියට් රුසියාව විසින් සිදුකරන ලද අතිශය බියකරු පරීක්ෂණයකි. දින 15ක කාලයක් වායුවක් යොදා ගනිමින් අදාළ පුද්ගලයන් පස්දෙනාව නිදි වර්ජිතව සිටීමට සලස්වා නින්ද නොලැබීම තුළින් මිනිසුන්ට වන බලපෑම පිළිබඳව මෙම පරීක්ෂණය සිදු කර තිබේ. නමුත් දින 9ක් වන විට එම පුද්ගලයන් පස්දෙනාම ඉතාමත් අවාසනාවන්ත හා බියකරු ලෙසින් මරණයට පත්ව ඇත.


News Articles
Latest Videos
Most Popular Post